
(නාමල් පතිරගේ)
කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වෙන මධ්‍යම ආසියානු සිව් කොන් වොලිබෝල් ( වයස 19 න් පහළ - බාලිකා) තරගාවලියේ අද (6) ශ්‍රී ලංකාව සහභාගි වූ මූලික වටයේ සිය තෙවැනි (අවසන්) තරගයෙන් කිරිගිස්ථානය වට 3 - 0 කින් පරාජය කිරීමට සමත් විය.ඒ ලකුණු 25/19 -27/25 - 25/22 ක් පරිදිය.
ශ්‍රී ලංකාව මූලික වටයේ ජය ගත් දෙවැනි තරගය මෙයයි. මීට පෙර ශ්‍රී ලංකාව තරගාවලියේදී පරාජය කළේ වට 3 - 0 කට මාලදිවයිනයි.
අද ශ්‍රී ලංකාව විසින් කිරිගිස්ථානය පරාජයට පත් කිරීමට සමත්වීමත් සමග අනිද්දා (8) පැවැත්වෙන තරගාවලියේ අවසන් පූර්ව වටයේ කණ්ඩායම් පෙළ ගැස්මේ වෙනසක් සිදුවේ.ඒ අනුව කණ්ඩායම් හතරක් පමණක් සහභාගි වන මෙම තරගාවලියේ අද පැවැති තරග දෙකේදී ප්‍රතිවාදීන් මුණ ගැසුණු ආකාරයටම හෙට පැවැත්වෙන අවසන් පූර්ව තරග වටයේදීත් ඔවුන් මුණ ගැසෙනු ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව හා කිරිගිස්ථානය අතරත් නේපාලය හා මාලදිවයින අතරත් ඊයේ පැවැති ආකාරයටම අවසන් පූර්ව තරග දෙක පැවැත්වේ. නේපාලය හා මාලදිවයින අතර ඊයේ පැවැති මූලික වටයේ තරගය වට 3 - 0 කින් ජය ගත්තේ නේපාලයයි. මූලික වටයේ නේපාලය සමග පැවැති තරගය ශ්‍රී ලංකාව වට 3 - 1කින් පරාජය විය.
හෙට (7) තරගාවලියේ විවේක දිනයයි. තෙවැනි ස්ථානය තේරීමේ තරගය හා අවසන් මහ තරගය ඉරිදා (9) පැවැත්වේ.
අවසන් මහ තරගය ඉරිදා පස්වරු 4.30 ට පැවැත්වේ.මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව තරග තුනම ජය් ගත් නේපාලය එහි පෙරමුණේ පසු වන අතර ශ්‍රී ලංකාව එහි දෙවැනි තැනේ පසුවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.