
(දමින්ද විජේසූරිය)
මෙම මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවත වරක් හේලි මැතිව්ස්ට පැවරී තිබේ. කාන්තා එක්දින අන්තර්ජාතික තරග 3 කට සහ කාන්තා විස්සයි-20 තරග 3 කට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායම තව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
තරගාවලියේ පළමු තරගය මේ මස 15 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දෙපිල අතර පැවැත්වෙන එක්දින තරගාවලියේදී කොදෙව් ක්‍රීඩිකාවෝ 2025 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් සොයමින් සිටිති.
අන්තර්ජාතික කාන්තා (එක්දින) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකා කාන්තාවෝ හත්වැනි ස්ථානයේත් (ප්‍රසාද ලකුණු 86) කොදෙව් ක්‍රීඩිකාවෝ හයවැනි ස්ථානයේත් (ප්‍රසාද ලකුණු 92) සිටිති.
ශ්‍රී ලංකා සහ කොදෙව් කාන්තා කණ්ඩායම් අතර එක්දින තරගාවලිය මේ මස 15, 18 සහ 21 දිනයන්හිදී ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. විස්සයි-20 තරගාවලිය මේ මස 24, 26 සහ 28 දිනවල හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම
හේලි මැතිව්ස් (නායිකා), ශර්මේන් කැම්බල්, ආලියා ඇලේන්, ශර්මිලා කොනෙල්, ඇෆී ෆ්ලෙචර්, චෙරී ඈන් ෆ්‍රේසර්, ශබීකා ගජ්නබී, චිනෙල් හෙන්රි, සයිදා ජේම්ස්, කියානා ජෝෂප්, චෙඩීන් නේෂන්, කරිෂ්මා රාම්හරාක්, ස්ටෙෆනි ටේලර්, රෂාඩා විලියම්ස් සහ කැතී විල්මට්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.