Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ තුන්කොන් ශූරතාව දිනාගනිති

ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ තුන්කොන් ශූරතාව දිනාගනිති

editorial - 2024 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බංග්ලාදේශයේ කොක්ස් බසාර් නුවරදී පැවැති යොවුන් කාන්තා තුන්කොන් (විස්සයි-20) තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ අද (02 වැනිදා) සමත් වූහ. අද පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම විසින් බංග්ලාදේශ යොවුන් කාන්තා කණ්ඩායම ලකුණු 36 කින් පරාජය කරන ලදි. 

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවල 19 න් පහළ කණ්ඩායම් අතරේ තරගාවලිය පැවැත්විණ. අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් කළ දෙව්මි විහංගා විජේරත්න තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසින් තේරී පත්වූවාය. 

ආරම්භක පිතිකාරිණිය ලෙසින්, පන්දු 42 කින් ලකුණු 49 ක් ලබාගත් විහංගා, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නිය ද වෙමින් ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගත්තාය. ලකුණු 149 ක ඉලක්කයක් කරා යමින් සිටි බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඕවර 20 කදී ලකුණු 112 කට සීමා විය. රිස්මි සංජනා (23/2) සහ මධුෂානි හේරත් (16/2) දෙදෙනා ද ඒ වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළහ. 

විහංගා සමගින් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නෙත්මි සේනාරත්න (නොදැවී 66) සම්පූර්ණ ඉනිම පුරාම පන්දු 57 කට මුහුණ දෙමින්, ඒවයින් 8 ක් හතරේ සීමාවෙන් එපිටට යැවුවාය. වඩාත් ආක්‍රමණශීලී පිතිකාරිණය වූ විහංගාගේ ලකුණු 49 හතරේ පහර 2 කින් සහ හයේ පහර 4 කින් සමන්විත විය.  


ශ්‍රී ලංකා කාන්තා යොවුන් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 4 ට 148 යි
(නෙත්මි සේනාරත්න නොදැවී 66, දෙව්මි විහංගා විජේරත්න 49, විශ්මි ගුණරත්න 14, මනුදි නානායක්කාර 07, රශ්මි නේත්‍රංජලී නොදැවී 07, රබේයා 24/1, නිශිතා අක්තාර් 40/1, ජොනාතුල් මවුනා 10/1)

බංග්ලාදේශ කාන්තා යොවුන් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 8 ට 112 යි.
(සෞම්‍යා අක්තාර් 10, රබේයා 31, උනෝති අක්තාර් 14, අෆියා අසීමා 11, ආර්බින් තානි 15, ජොනාතුල් මවුනා 03, නිෂිතා අක්තාර් නොදැවී 03, දෙව්මි විහංගා 13/3, රිස්මි සංජනා 23/2, මධුෂානි හේරත් 16/2)

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ තුන්කොන් ශූරතාව දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.