Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 10 කට පසුව කරච්චියේදී පැවැත්වෙන පළමුවැනි එක්දින අන්තර්ජාතික තරගය සංවිධානය කිරීම සඳහා පාකිස්තානය සියලුම ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් සිටී. ඒ සඳහා රාජ්‍ය නායකයකුට ලැබෙන තරමේ ආරක්‍ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටින හෝටලය වටා 2000 ක පමණ ආරක්‍ෂයෝ පිරිසක් රැකවල් ලා සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් සඳහා කරච්චි ජාතික ක්‍රීඩාංගණයට ගෙන යන ලද්දේ අති විශාල ආරක්‍ෂක මුරකාවල් මැදිනි.
සංචාරක ශ්‍රී ලංකා පිල සහ පාකිස්තාන් පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය කරච්චිහි ජාතික ක්‍රීඩාංගණයේදී අද (27) පැවැත්වේ. දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතය.
“මෙම තරගය සිකුරාදා (27) කරච්චියේදී පැවැත්වුණාම ඉතිහාසය නැවතත් අලුතෙන් නිර්මාණය වේවි. මෙහේට ආපු එක ගැන අපි ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තුති කළ යුතුයි” යයි පාකිස්තානු නායක සර්ෆ්‍රාස් අහමඞ් පැවසීය.
වසර 2009 දී ලාහෝරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරමින් කළ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ සංචාරය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කණ්ඩායම් අකමැත්ත පළකළහ. එම ප්‍රහාරයේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කිහිප දෙනකුම තුවාල ලද අතර පාකිස්තානු ජාතිකයෝ 8 දෙනෙක් මියගියහ.
එහි අනුයාත ප්‍රතිඵලය වූයේ පාකිස්තානයේ සියලුම දේශීය තරගාවලි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සිදුවීමයි.
එදා මෙදා තුර විස්සයි-20 තරග කිහපයක් පාකිස්තානයේදී පැවත්වූ නමුත් පූර්ණ සංචාරයක් සඳහා කණ්ඩායමක් පාකිස්තානයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මෙම සංචාරය එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත වේ.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් දෙවැනි පෙළ කණ්ඩායමක් සහභාගි කර ඇති අතර එසේ වුවද පාකිස්තානයෙන් ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම තරගාවලියට සහභාගි වෙයි.
ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, සහ සුරංග ලක්මාල් වැනි ප්‍රබල ක්‍රීඩකයන් පිරිසක් මෙම තරගාවලියට සහභාගි නොවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලයිස්තුව සකස් කරගැනීම අභියෝගයක් වී තිබේ. අවිෂ්ක ප්‍රනාන්දු සමඟ අනෙක් ආරම්භක පිතිකරු ලෙස ධනුෂ්ක ගුණතිලක හෝ නායක ළහිරු තිරිමාන්න කටයුතු කිරීමට නියමිතය. ධනුෂ්ක ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීමට වැඩි ඉඩක් ඇති බව පාකිස්තානයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත සහ ළහිරු කුමාර
පාකිස්තානු එක්දින සංචිතය:
සෆ්රාස් අහ්මඞ් (නායක), බාබර් අසාම්, අබිඞ් අලී, අසිෆ් අලී, ෆඛාර් සමාන්, හැරිස් සොහෙල්, මොහොමඞ් හස්නයින්, ඉෆ්තිකාර් අහ්මඞ්, ඉමාඞ් වසීම්, ඉමාම් උල් හක්, මොහොමඞ් අමීර්, මොහොමඞ් නවාස්, මොහොමඞ් රිස්වාන්, ශදාබ් ඛාන්, උස්මාන් ඛාන් සහ වහබ් රියාස්
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.