Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක පුහුණුවක

ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක පුහුණුවක

ශනුක අරවින්ද - 2017 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගේ පිලට එරෙහිව අද (11 වැනිදා) ආරම්භ වූ දෙදින පෙරහුරු තරගයේ පළමු දිනය සඳහා ක්‍රීඩාව නරත කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 411 ක් ලබා සිටියේය. මෙම තරගය කොල්කටාවේ ජදාව්පූර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළමු දිනය සඳහා ක්‍රීඩාව නරත කරන විට නිරෝෂන් දික්වැල්ල ලකුණු 73 ක්ද, රොෂේන් සිල්වා ලකුණු 36 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. අද දිනයේදී දික්වැල්ල හතරේ පහර 13 කින්ද, රොෂේන් හතරේ පහර 5 කින්ද සිය ඉනිම් සැරසූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් සධීර සමරවික්‍රම (74) සහ දිමුත් කරුණාරත්න (50) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩැගීමට සමත් වූහ. පන්දු 77 කදී වාර්තා වූ සධීරගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් වූ අතර පන්දු 62 කදී වාර්තා වූ දිමුත්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුනව දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත්ව ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ළහිරු තිරිමාන්නට ලබාගත හැකි වූයේ ලකුණු 17 ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 6 ක් සමග ලකුණු 54 ක් ලබා සිටියදීද, නායක දිනේෂ් චන්දිමාල් හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක් ලබා සිටියදීද සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසාදීමේ අරමුණින් පිටියෙන් ඉවත්ව ගියහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ දිල්රුවන් පෙරේරා පන්දු 44 කදී ලකුණු 48 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. සන්දීප් වේරියර්ගේ පන්දුවක් හමුවේ අන්මොල්ප්‍රීත් සිං අතට උඩ පන්දුවක් දෙමින් දැවීයෑම නිසා ඔහුට අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට නොහැකි විය.

දසුන් ශානක (2), ධනංජය ද සිල්වා (10) සහ රංගන හේරත් (3) අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී සන්දීප් වේරියර් සහ ආකාෂ් භන්ඩාරි කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම - කඩුලු 6 කට 411
(සධිර සමරවික්‍රම 74, දිමුත් කරුණාරත්න 50, ළහිරු තිරිමාන්න 17, ඇන්ජලෝ මැතිව්ස් 54, දිනේෂ් චන්දිමාල් 29, නිරෝෂන් දික්වැල්ල නොදැවී 73, ඩිල්රුවන් පෙරේරා 48, රොෂේන් සිල්වා නොදැවී 36, සන්දීප් වේරියර් 60/2, ආකාෂ් භන්ඩාරි 111/2)

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක පුහුණුවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.