Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන නැඟීඑන කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියේ ප්‍රිටෝරියාහිදී පැවැති තෙවැනි තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම ඊයේ (1 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම ඕවර 49.4 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.
ලකුණු 74 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට සඳුන් වීරක්කොඩි සහ සංගීත් කුරේ සමත්වූහ. පන්දු 57 කට මුහුණදුන් සඳුන් වීරක්කොඩි හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළ අතර සංගීත් කුරේ පන්දු 62 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 36 ක් රැස්කිරීමට සමත්විය.
චරිත් අසංලක පන්දු 51 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 36 ක් සහ කමිඳු මෙන්ඩිස් පන්දු 53 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 35 ක් රැස්කරමින් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායමේ ඩෙලානෝ පොගීටර් ලකුණු 56 කට කඩුලු 3 ක් ද දවාගත්තේය. රුයාන් ඩි‘ස්වෝඞ් සහ සියා සිමේටු කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 268 ක් රැස්කිරීමට සමත්විය.
දක්ෂ පිතිහරඹයක නිරතවූ ඩෙලානෝ පොගීටර් පන්දු 111 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 124 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායම ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.
ලකුණු 66 කට කඩුලු 5 ක් දැවී තිබියදී හයවැනි කඩුල්ල සඳහා ලකුණු 163 ක සම්බන්ධතාවයක් පවත්වමින් කඩා වැටුණු දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය ඉනිම යළි ගොඩනැගීමට ඩෙලානෝ පොගීටර් සහ ඉස්මයිල් ගාෆීල්ඩීන් සමත්වූහ.
ඩෙලානෝ පොගීටර්ට අනගි සහයක් ලබාදුන් ඉස්මයිල් ගාෆීල්ඩීන් පන්දු 78 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 55 ක් ලබාගත්තේය.
ලකුණු 31 ක් තුළ මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට අසිත ප්‍රනාන්දු සමත්වූ අතර චාමික කරුණාරත්න මැදපෙළ පිතිකරුවන් දෙදෙනෙකු දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 268
(ඩෙලානෝ පොගීටර් නොදැවී 124, ඉස්මයිල් ගාෆීල්ඩීන් 55, රුයාන් ඩි‘ස්වෝඞ් නොදැවී 22, අසිත ප්‍රනාන්දු 51/3, චාමික කරුණාරත්න 59/2)
ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම - ඕවර 49.4 කදී කඩුලු 8 ක් දැවී 271
(සඳුන් වීරක්කොඩි 45, සංගීත් කුරේ 36, චරිත් අසලංක 36, සම්මු අශාන් 22, කමිඳු මෙන්ඩිස් 35, අෂේන් බණ්ඩාර 24, ඩෙලානෝ පොගීටර් 56/3, රුයාන් ඩි‘ස්වෝඞ් 57/2, සියා සිමේටු 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.