Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හත්වැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙල්බර්න් නුවරදී අද (02) සහභාගි වූ පළමු වටයේ අවසන් තරගයේදී කඩුලු නවයකින් බංග්ලාදේශ කාන්තා පිල පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිල පළමු වටයේ තරග හතරේදී ලැබූ එකම ජයග්‍රහණය මෙය වේ. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයේ කණ්ඩායම් පහ අතරින් සිවුවැනි ස්ථානයට පත්විය.
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වූ ප්‍රබල කණ්ඩායමක් වන නවසීලන්තය පළමු වටයෙන් ඉවතට විසිවීම කැපී පෙනේ.
ශ්‍රී ලංකා පිතිකාරියෝ ලකුණු 92 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 15.3 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. හසිනි පෙරේරා සහ චමරි අතපත්තු පන්දු 53 කින් ලකුණු 51 ක ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වීමෙන් ජයග්‍රහණය පහසු විය.
හසිනි පෙරේරා පන්දු 53 කදී හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 39 ක් රැස්කිරීමට සමත් වූවාය. නායිකා චමරි අතපත්තු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 22 කදී හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් ඇතුළත් කරමින් ලකුණු 30 ක් රැස්කළාය.
පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල වෙනුවෙන් නිගාර් සුල්තානා පන්දු 45 කින් ලකුණු 39 ක් රැස්කළාය.
සිය අවසන් අන්තර්ජාතික ක්‍රිකට් තරගයට සහභාගි වූ ශෂිකලා සිරිවර්ධන අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 16 කට කඩුලු හතරක් දවාගනිමින් ජයග්‍රහණයට මඟ විවර කිරීමට සමත් වූවාය. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන ශෂිකලා සිරිවර්ධන තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ද ලැබුවාය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.