
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (29 වැනිදා) නිමාවන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 302 ක් ලබා සිටියේය.
දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පළමු දිනය සඳහා නතර කරන විට ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් ලකුණු 166 ක්ද, මානස් ලැබුස්චේන් ලකුණු 126 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. වෝනර්ගේ 23 වැනි ටෙස්ට් ශතකයට හතරේ පහර 19 ක් ඇතුළත් වූ අතර ලැබුස්චේන්ගේ දෙවැනි ටෙස්ට් ශතකයට හතරේ පහර 17 ක් ඇතුළත් විය.
දිනය නිමාවන විට වෝනර් සහ ලැබුස්චේන් එක්ව ඕස්ට්‍රේලියානු ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 294 කි. එය මේ දක්වා පැවැති දිවා-රාත්‍රී ටෙස්ට් තරගයක ඕනෑම කඩුල්ලක් සඳහා පැවැති හොඳම සම්බන්ධතාව ලෙසද වාර්තා අතරට එක් විය.
මුලු ලකුණු සංඛ්‍යාව 8 ක් වන විට ඕස්ටේ්‍රලියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ජෝ බර්න්ස් දවාගැනීමට ශහීන් අෆ්රිඩි සමත් විය. කඩුලු රකින ක්‍රීඩක මොහොමඞ් රිස්වාන් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට බර්න්ස් ලබා සිටියේ ලකුණු 4 ක් පමණි.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුල්ලක් දැවී 302
(ඬේවිඞ් වෝනර් නොදැවී 166, මානස් ලැබුස්චේන් නොදැවී 126)
-036

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.