Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වොලිබෝල් රන් පදක්කම ප්‍රංශයට

වොලිබෝල් රන් පදක්කම ප්‍රංශයට

editorial - 2021 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශය විසින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වොලිබෝල් (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනාගන්නා ලදි. සෙනසුරාදා පැවැති අවසන් තරගයේදී තියුණු සටනකින් අනතුරැව වට 3-2 ක් ලෙස රැසියානු ඔලිම්පික් කමිටු කණ්ඩායම පරාජය කරමින් ප්‍රංශය එම පදක්කමට හිමිකම් කීවේය.  

පළමු සහ දෙවැනි වට පිළිවෙලින් ලකුණු 25/23 ක් සහ 25/17 ක් ලෙස ජයගත් ප්‍රංශය මුල් වට දෙක අවසානයේ වට 2-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.‍ එහෙත් තෙවැනි සහ සිවුවැනි වට 25/21 ක් සහ 25/21 ක් ලෙස ජයගත් රැසියාව වට 2-2 ක් ලෙස තරගය සම තත්ත්වයට පත් කළේය.

කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ පස්වැනි වටයද අතිශය තියුණු මුහුණුවරක් ගත් නමුත් අවසානයේදී ලකුණු 15/12 ක් ලෙස ඉන් ජය ලැබූ ප්‍රංශය, වට 3-2 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේ එම ඉසව්වේ රන් පදක්කමටද හිමිකම් කියමිනි.‍

පළමු අවසන් පූර්ව තරගයේදී බ්‍රසීලයට එරෙහිව වට 3-1 ක ජයක් වාර්තා කරමින් රුසියානු ඔලිම්පික් කමිටුව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ප්‍රංශය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාවට එරෙහිව වට 3-0 ක ජයක් වාර්තා කරමිනි.

අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැති තරගයද ඊයේ පැවැත්විණ. එම තරගයෙන් වට 3-2 ක ජයක් ලැබූ ආර්ජන්ටිනාව වොලිබෝල් ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය‍.


-036


අදහස් (0)

වොලිබෝල් රන් පදක්කම ප්‍රංශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.