Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්සයි20 පළමු ජය එංගලන්තයට

විස්සයි20 පළමු ජය එංගලන්තයට

editorial - 2020 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සදම්ප්ටන්හිදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද එංගලන්තය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 160 ක් පමණි. ආදිල් රෂීඩ් සහ ජොෆ්රා ආචර් කඩුලු 2 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

ඬේවිඩ් වෝනර් (58) සහ නායක ඒරන් ෆින්ච් (46) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩැගූහ. එහෙත් මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගය ජය ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 162 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් මැලන් පන්දු 43 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 66 ක් රැස්කළේය.

ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 29 කදී ලකුණු 44 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.


එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 7 කට 162
(ජොස් බට්ලර් 44, ඩේවිඩ් මැලන් 66, ක්‍රිස් ජෝඩාන් නොදැවී 14, කේන් රිචඩ්සන් 13/2, ග්ලේන් මැක්ස්වෙල් 14/2, ඇස්ටන් ඒගර් 30/2)

ඕස්ට්‍රේලියා - ඕවර 20 කදී කඩුලු 6 කට 160  
(ඩේවිඩ් වෝනර් 58, ඒරන් ෆින්ච් 46, ස්ටීවන් ස්මිත් 18, මාකස් ස්ටොයිනිස් නොදැවී 23, ආදිල් රෂීඩ් 29/2, ජොෆ්රා ආචර් 33/2)

-036  

 


අදහස් (0)

විස්සයි20 පළමු ජය එංගලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.