Last Update  :  2025-12-16 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වැඩි අවධානය ටෙස්ට්, එක්දින තරගවලට

වැඩි අවධානය ටෙස්ට්, එක්දින තරගවලට

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසර මැදදී පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරගාවලිය නිමා වීමත් සමගම ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා පාකිස්තානු පිල ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරගාවලි දෙකම අනාගත සංචාර සැලසුමට ඇතුළත් නොවූ තරගාවලි වන අතර අදාළ රටවල කි‍්‍රකට් බලධාරීන්ගේ සාකච්ඡවල ප‍්‍රතිඵලයකි.

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ විශේෂ රැස්වීමකට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සහ ලේකම් නිශාන්ත රණතුංග මහතාත් පාකිස්තානු කි‍්‍රකට් බලධාරීන් සමග කළ සාකච්ඡවකින් පසුව ශී‍්‍ර ලංකා - පාකිස්තානු තරගාවලිය පැවැත්වීමට එකග වී තිබේ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායමක් ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි කරවිය යුතුව තිබෙන හෙයින් පාකිස්තානය සමග පැවැත්වෙන තරගාවලිය ටෙස්ට් තරග දෙකකට පමණක් සීමා වන නමුත් ඊට එක්දින තරග 3 ක් සහ විස්සයි:20 තරගයක්ද ඇතුළත් වන බවයි.

”අපි විස්සයි:20 ලෝක කුසලාන දිනාගත්තා. දැන් අප වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ටෙස්ට් සහ එක්දින තරග වලදී ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට එන්නයි”

”දකුණු අපි‍්‍රකානු පිලේ මෙන්ම පාකිස්තානු පිලේ ශී‍්‍රි‍්‍ර ලංකා සංචාරයේදීත් පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරග ජයගත්තොත් අපට ඒ දෙකේම ඉදිරියට ආ හැකියි” යයි ද ඈෂ්ලි ද සිල්වා මහතා ලංකාදීපට පැවසීය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඉතාමත් දීර්ඝ වූත් වෙහෙසකර වූත් තරගාවලි කිහිපයකට සහභාගි වී අවසානයේ විස්සයි:20 ලෝක කුසලාන දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඉදිරි මාස එක හමාරක පමණ කාලය විවේක ලැබී තිබේ. එම කාලය තුළදී ජාතික කණ්ඩායමේ කී‍්‍රඩකයන් අතුරින් ලසිත් මාලිංග සහ තිසර පෙරේරා පමණක් අයි. පී. එල්. තරගාවලියට සහභාගි වෙති.

වසර දෙකක වැඩි කාලයක සිට විස්සයි:20 ශේ්ණිගත කිරිම් අතරේ අංක 1 ස්ථානයේ සිටියද ශී‍්‍ර ලංකා කණ්ඩායමට ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලදී හිමිවී ඇත්තේ 6 වැනි ස්ථානයයි. කෙසේ වෙතත් පාකිස්තානයට එරෙහිව පසුගිය දෙසැම්බරයේදී පැවැති එක්දින තරගාවලිය 3-2 ක් ලෙසින් අවසන් කිරීමත් අනතුරුව බංග්ලාදේශයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලිය ජයගැනීමත් නිසා එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 3 වැනි ස්ථානයට පැමිණීමට ශී‍්‍ර ලංකා පිලට හැකිවිය.

අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය දිනාගෙන සිටින්නේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමයි. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ පාකිස්තානු පිල 5 වැනි ස්ථානයේ සිටී.


අදහස් (0)

වැඩි අවධානය ටෙස්ට්, එක්දින තරගවලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.