
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි සහ තුන්වැනි එක්දින තරග දෙකටම ක්‍රීඩා කිරීමේ අවස්ථාව වනිඳු හසරංගට අහිමි වී තිබේ. ඔහුගේ වම් පාදයේ කලව මස්පිඬුවේ වේදනාවක් හේතුවෙන් අද සහ 7 වැනිදා පැවැත්වෙන තරග දෙකින්ම වනිඳු හසරංග ඉවත් වී ඇත.
වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට කැඳවා තිබේ.
ඒ සම්බන්ධයෙන් කළ එම්.ආර්.අයි. ස්කෑන් වාර්තාවකින් ඔහුගේ ආබාධය තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයකින් කියැවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.