Last Update  :  2025-11-10 07:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වත්මන් ක්‍රිකට් නිලධාරීන්ගේ ගමන අවසන්

වත්මන් ක්‍රිකට් නිලධාරීන්ගේ ගමන අවසන්

editorial - 2021 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට අනුව, ක්‍රිකට් අභියාචනා කමිටුවට ඉදිරිපත් කළ විරෝධතා නිසි ඇගයීමට ලක්වේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ඇතුළු විධායක කමිටු සාමාජිකයන්ට නැවත කිසි දිනෙක ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ විය නොහැකි වනු ඇති බව කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපති නිශාන්ත රණතුංග මහතා කියයි.


මැයි මස 20 වැනිදා පැවැත්වෙන නිලවරණයේදී සභාපති තනතුර සඳහා ශම්මි සිල්වා මහතා ඇතුළු වත්මන් නිලධාරී මණ්ඩලයේ බහුතරයක් නැවතත් තනතුරු සඳහා ඉදිරිපත්ව සිටිති. එහෙත් රණතුංග මහතාගේ තර්කය වන්නේ වත්මන් නිලධාරීන් තමන්ගේ ගිණුම් වාර්තා නියමිත කාලයට පෙර විගණනය සඳහා ඉරිපත් කර නොමැති බැවින් එම හේතුව මතම ඔවුන්ගේ අපේක්‍ෂත්වය අහෝසි වන බවයි.


ශම්මි සිල්වා ප්‍රමුඛ පාර්ශ්වය ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වන නිශාන්ත රණතුංග මහතාත්, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ සභාපති බන්දුල වර්ණපුර මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපතිවරයකු වන කේ. මතිවානන් මහතාත් එක්ව ශම්මි සිල්වා කඳවුරේ සියලු දෙනාටම පාහේ විරෝධතා ගොනුකරනු ලැබ සිටිති.


“ශම්මි සිල්වා පාර්ශ්වයෙන් නිලවරණයට ඉදිරිපත්ව සිටින අය අතුරින් එක් අයකුට (සමන්ත දොඩන්වල මහතාට) හැර අනෙක් සියලුම දෙනාටම අපි විරෝධතා ගොනු කර තිබෙනවා. දැනට අපි ඉදිරිපත් කරලා තියෙන ලියකියවිලි හා සාක්ෂි අනුව, අනෙක් සියලුම දෙනාට ඉදිරි මැතිවරණවලදී ධුරය සඳහා තරඟ කිරීමට සුදුසුකම් ලැබිය නොහැකි බව අපට විශ්වාසයි” යයි නිශාන්ත රණතුංග මහතා කෙළිමඬලට පැවසීය.


නිලවරණ කමිටුව වෙත මෙන්ම අභියාචනා කමිටුව වෙත ඉදිරිපත් කරන ලද විරෝධතා සම්බන්ධයෙන් අද (28 වැනිදා) සවස් වන තුරුත් නිසි ප්‍රතිචාරයක් ලැබී නොතිබූ බවත් රණතුංග මහතා පැවසීය. රණතුංග මහතා අවධාරණය කරමින් පවසන්නේ නිලවරණ කමිටුව හෝ අභියාචනා කමිටුව වෙතින් තමන්ගේ විරෝධතා සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් තමන් අධිකරණය දක්වා යන බවයි.


මේ අතර වත්මන් නිලධාරීන්ගේ පාලන කාලය පෙබරවාරි 20 වැනිදා අවසන් වීම සම්බන්ධයෙන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් ඉදිරිපත් කළ ලියවිල්ලක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යවනු ලැබ තිබිණ. ඒ සම්බන්ධයෙන් සලකා බැලූ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කළේ මීළඟ නිලවරණය පැවැත්වෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට කළමණාකරණ කමිටුවක් පත්කරන ලෙසයි.


අදහස් (0)

වත්මන් ක්‍රිකට් නිලධාරීන්ගේ ගමන අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.