Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
අගාධයට වැටී තිබෙන මෙරට පාපන්දු ක්‍රීඩාව ඇතුළුව මෙරට පරිපාලනය නිසි මගට ගෙන ඒම සඳහා හිටපු ජාතික පාපන්දු ක්‍රීඩකයන්ගේ එකමුතුවකින් සංවිධානය වීමට තීරණය කළ බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වයස 23 න් පහළ පාපන්දු පුහුණුකරු මොහොමඩ් අමුනුල්ලා මහතා පැවසීය. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වන අමුනුල්ලා මහතා මෙම අදහස් දැක්වීම කළේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට ගත් තීරණයෙන් පසුව ක්ෂේත්‍රයේ උද්ගතව තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කරුණු දැක්වීම සඳහාය.
ජාතික පාපන්දු පිලේ හිටපු නායකයන් වන කේ.එම්. කබීර්, ඉම්රාන් මොහොමඩ්, ඉසුරු පෙරේරා, ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපති අනුර ද සිල්වා, එහි හිටපු තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයෙකු වන ඩී. චන්ද්‍රසිරි යන මහත්වරු ඇතුළු ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කළ හිටපු ක්‍රීඩකයන් පිරිසක් මෙම මාධ්‍ය හමුවේ අසුන්ගෙන සිටියහ.
මාධ්‍ය හමුවේදී මොහොමඩ් අමුනුල්ලා මහතා මෙසේද පැවසීය.
‘පාපන්දු ආයතනය විවේචනය කිරීම සම්බන්ධයෙන් විනය චෝදනා එල්ලවෙන්න කලින් මම පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කළා. නමුත් මා ඊට සූදානම් වෙනකොට පාපන්දු ආයතනයේ කටයුතු අත්හිටුවලා තිබ්බා. නිසා මගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගන්න මේ වෙනකොට වගකිවයුතු පාර්ශවයක් නෑ. ඒ නිසා ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කිරීමේ අදහස මා අත්හැර දැම්මා.
වත්මන් පාපන්දු පරිපාලනයේ අර්බුදයට වගකිවයුත්තේ සභාපති ධුරයේ කටයුතු කළ ජස්වර් උමාර් මහතා හා ලේකම් ධුරයේ කටයුතු කළ උපාලි හේවගේ මහතා ඇතුළු හිටපු විධායක සභාවයි. ඊට වෙන කිසිවෙකුත් වගකිවයුතු නෑ.
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මේ ප්‍රශ්නයේදී නිවැරැදිව කටයුතු කර තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවුවහොත් ඒකට වගකිවයුත්තේ ජස්වර් මහතා මිසක් ක්‍රීඩා ඇමැතිවරයා නොවෙයි.
අපි අද මෙතනට රැස්වුණේ කාගෙවත් බලපෑමකටවත් කාටවත් කඩේ යන්නවත් නොවෙයි. ජස්වර් මහතාට මේ රටේ පාපන්දු ක්‍රීඩාව ගොඩගන්න වසරකටත් වැඩි කාලයක් ලැබුණා. නමුත් ඔහු අලුත් පාපන්දු ව්‍යවස්ථාව සම්මත කර ගන්න උනන්දු වුණේ නෑ. ඔහුගේ කාලයේදී අතිවිශාල වියදමක් රටේ පාපන්දු ක්‍රීඩාවට යෙදෙව්වා කීවත් මේ දැනුත් අපි ලෝක ශ්‍රේණිගත කිරීම්වල අන්තිමයා තරමට පහළට වැටී තිබෙනවා.
ඔහු තමුන්ගේ නිල කාලය තුළදී ඩොලර් ලක්‍ෂ හතක් වියදම් කරලා තිබෙනවා. නමුත් ඔහු ලීග්වලට රුපියල් ලක්‍ෂ 10 ගානේ වියදම් දෙනවා කිව්වා. ඒ වුණාට වෙනදා ලීග් එකකට දෙන රුපියල් ලක්‍ෂ තුනවත් ඔහු දුන්නේ නෑ.
අපිට දැනගන්න තියෙන විදියට හිටපු සභාපතිවරයාට නිලවරණයට ඉදිරිපත් වෙන්නත් බෑ. ජස්වර් මහතා විතරක් නෙමේ හිටපු සභාපති අනුර ද සිල්වා මහතාගේ වැරදිත් එදා අපි දුටුවා.
නමුත් අනුර ද සිල්වා මහතා තමන්ගේ නිල කාලයේදී වැඩ කොටසකුත් කළා. නමුත් පසුගිය පාලන කාලයේදී සල්ලි වියදම් කරන එක විතරයි අපි දැක්කේ. පාපන්දු නිලවරණයේදී හිටපු ක්‍රීඩකයන්ගෙන් සමන්විත සංගමයක් පිහිටුවලා ඔවුන්ටද ඡන්ද බලය ලබාදිය යුතු බව අපි යෝජනා කරනවා. එතනදී දැනුමෙන් ඉහළ හිටපු ක්‍රීඩකයන්ට මේ රටේ පාපන්දු ක්‍රීඩාවට සක්‍රීය දායකත්වයක් ලබාදෙන්න පුළුවන්.’’
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාපන්දු ආයතනයේ හිටපු තාක්‍ෂණික අධ්‍යක්‍ෂ ඩී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ පාපන්දු ආයතනයේ පසුගිය නිල කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම් තේරීමේදී බලධාරීන්ගෙන් ඇතැම් අයුතු බලපෑම් එල්ල වුණු බවයි.
කොළඹදී පැවැති සිව්කොන් තරගාවලියේ දී ජාතික සංචිතයට ඇතුළත්ව නොසිටි ක්‍රීඩකයෙකු අවසන් මහ තරගයට නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කිරීම එක් නිදසුනක් පමණක් බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.