Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක වි:20 කණ්ඩායමේ නායකත්වය චමරිට

ලෝක වි:20 කණ්ඩායමේ නායකත්වය චමරිට

editorial - 2024 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරන ලද 2023 වසරේ විස්සයි-20 කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුට හිමිව ඇත. ගෙවී ගිය වසරේදී ක්‍රීඩා කළ විස්සයි-20 තරගවලදී හයේ පහර 15 ක් සමග ලකුණු 470 ක් රැස්කිරීමට චමරි සමත්ව ඇති අතර එහිදී ඇගේ ලකුණු ලබාගැනීමේ වේගය සටහන් වී ඇත්තේ 130.91 ක් ලෙසිනි. 

ඉකුත් වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැති කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී පන්දු 50 කින් ලකුණු 68 ක් රැස්කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 3 ක තියුණු ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමටද චමරි සමත් වූවාය. 

වසරේ දෙවැනි භාගයේදී පන්දු 47 කින් වේගවත් ලකුණු 80 ක් රැස්කරමින් නවසීලන්තයට එරෙහිව කොළඹදී පැවැති තරගයක් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මඟ පාදනු ලැබුවේද චමරි විසිනි. එය එදා මෙදා තුර කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව ලෙසද සටහන් විය. 


2024 වසරේ කාන්තා විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම 
චමරි අතපත්තු (නායිකා), බෙත් මූනී (ඕස්ට්‍රේලියාව), ලෝරා වුල්වාර්ඞ්ට් (දකුණු අප්‍රිකාව), හේලි මැතිව්ස් (බටහිර ඉන්දීය කොදෙව්), නටාලියා සීවර් (එංගලන්තය), ඇමීලියා කේර් (නවසීලන්තය), එලීස් පේරි (ඕස්ට්‍රේලියාව), ඈෂ් ගාඞ්නර් (ඕස්ට්‍රේලියාව), දීප්ති ශර්මා (ඉන්දියාව), සොෆී එක්ලෙස්ටොන් (එංගලන්තය) සහ මේගන් සේචට් (ඕස්ට්‍රේලියාව) 

-036 


අදහස් (0)

ලෝක වි:20 කණ්ඩායමේ නායකත්වය චමරිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.