Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක පාපන්දු සම්මේලනයෙන් දැඩි කොන්දේසි
පාපන්දු අර්බුදය

ලෝක පාපන්දු සම්මේලනයෙන් දැඩි කොන්දේසි

editorial - 2023 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් සෙනසුරාදා (අගෝස්තු 12 වැනිදා) ඉතා දැඩි කොන්දේසි මාලාවක් පනවා තිබේ. ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉවත් කිරීමට නම්, 2023 ජනවාරි 21 වැනිදා නිකුත් කරන ලද, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මාර්ගෝපදේශ මාලාව අනුව නිළවරණය පැවැත්වීම එහි ප්‍රධානතම නියෝගයයි.


මෙම කොන්දේසි මාලාව අනුව
■ පාපන්දු සම්මේලන නිලවරණය සම්බන්ධයෙන් 2023 අගෝස්තු 14 වැනිදා සාමාජිකයන්ට දැනුම් දිය යුතුව තිබේ.
■ අගෝස්තු 19 වැනිදාට පෙර, සියලුම නාමයෝජනා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට යොමුකළ යුතුය.
■ තනතුරු අපේක්‍ෂකයන්ගේ නිල ලයිස්තුවක් අගෝස්තු 29 වැනිදා වන විට පිළියෙළ කළ යුතුය.
■ නිලවරණය සැප්තැම්බර් මස 29 වැනිදා පැවැත්විය යුතුය.

නිලවරණය රහස් ඡන්ද ක්‍රමය මත පැවැත්වෙනු ඇත.

කිසිම ආකාරයකින් මෙම කොන්දේසි උල්ලංඝණය නොකළ යුතු බවත්, එසේ කළහොත් වඩාත් බරපතළ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු නිලධාරීන්ට වාචිකව අනතුරු අඟවා තිබේ.

නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන්, අගෝස්තු 12 වැනිදා නිකුත් කරන ලද කොන්දේසි මාලාවට, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික සංගම් ප්‍රධාන නිලධාරී කෙනී ජීන්-මාරි මහතාත්, ආසියානු පාපන්දු සමුළුවේ සාමාජික සංගම් සම්බන්ධයෙන් කටයුතු සොයා බලන නියෝජ්‍ය මහලේකම් වහීඩ් කර්දානි මහාත් අත්සන් කර තිබේ.

 


අදහස් (1)

ලෝක පාපන්දු සම්මේලනයෙන් දැඩි කොන්දේසි
  • Jayashantha Monday, 14 August 2023 12:48 PM

    ඇත්ත පුවතක්....!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.