Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩුබායි සිට...)
මාසයක් පුරා පැවැති තරග 45 කින් සමන්විත වූ 2021 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාප්තිය සනිටුහන් කෙෙරන අවසන් මහ තරගයේදී කිවියන්ට එරෙහිව තරග බිමට පිවිසීමට කැන්‍ගරුවෝ සූදානමින් සිටිති. නවසීලන්තය සහ ඕස්ට්‍රේයාව යන අසල්වාසී රටවල් දෙක අතර පැවැත්වෙන මෙවර අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ඉරිදා (14 වැනිදා) පස්වරු 7.30 ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් කෝටි 32 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙනු ඇත. අනු ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට පිරිනැමෙන මුදල් ත්‍යාගය ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ක් හෙවත් රුපියල් කෝටි 16 කි. තරගාවලිය ත්‍යාග මුදල් සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සභාව වෙන්කර ඇති මුලු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 5.6 කි. එය දළ වශයෙන් රුපියල් කෝටි 122 කට ආසන්න වේ.
අවසන් පූර්ව වටයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 5 ක ජයක් ලබමින් නවසීලන්තය අවසන් මහ තරගයට පිවිසියේය. ඕස්ට්‍රේලියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී පාකිස්තානයට එරෙහිව කඩුලු 5 ක ජයක් ලබමිනි. නවසීලන්තය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වන අතර ඕස්ට්‍රේලියාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සහභාගි වන්නේ දෙවැනි වරටය.
නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර මේ දක්වා විස්සයි-20 තරග 14 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 9 කදී නවසීලන්තය පරාජය කිරීමට ඕස්ට්‍රේලියාවද, තරග 5 කදී ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට නවසීලන්තයද සමත්වී ඇත. ඊට සුපිරි ඕවරයකදී නවසීන්තය ලැබූ ජයක්ද ඇතුළත් විය. මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකාට එරෙහිව තරගවැදී ඇත්තේ මෙම වසරේ (2021) මාර්තු මාසයේදීය. වෙලින්ටන්හි පැවැති එම තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්වී තිබේ.
ලොව පළමු විස්සයි-20 (පිරිමි) ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ප්‍රතිවාදීන් වූ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව මේ දක්වා පැවැති ලෝක කුසලාන විස්සයි-20 තරගාවලි 7 දී මුහුණට මුහුණ හමුවී ඇත්තේ එක් වරක් පමණි. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 10 දෙනාගේ වටයේ තරගයක් ලෙස පැවැති එම තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වී ඇත. කෙසේ වුවත් ලොව පළමු විස්සයි-20 තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ නවසීලන්තය ලකුණු 44 කින් පරාජයට පත් විය.
එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ආකෘති තුනේම ලෝක මට්ටමේ තරගාවලියක අවසන් මහ තරගයදී නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව මුහුණට මුහුණ ගැටෙන දෙවැනි අවස්ථාව ලෙසද මෙය හැඳින්විය හැකිය. මින් පෙර මෙම කණ්ඩායම් දෙක අවසන් මහ තරගයකදී මුහුණට මුහුණ හමුවී තිබුණේ 2015 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදීය. එහිදී නවසීලන්තය පරදවා කඩුලු 7 ක ජයක් වාර්තා කළ ඕස්ට්‍රේලියානුවෝ 5 වැනි වරටත් එක්දින ලෝක කුසලාන තමන් සතු කරගත්හ.
අවසන් පූර්ව තරගයේදී පාකිස්තානයට එරෙහිව රැස්කළ ලකුණු 49 ත් සමග තරග 6 කදී ලකුණු 236 ක් ලබා සිටින ඕස්ටේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ සිවුවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. තරග 6 කදී ලකුණු 197 ක් ලබා සිටින නවසීලන්ත ආරම්භක පිතිකරු ඩැරිල් මිචෙල් රැදී සිටින්නේ එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානයේය. නවසීලන්ත කණ්ඩායමේ සෙසු ආරම්භක පිතිකරුවා වන මාටින් ගප්ටිල් තරග 6 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 180 ක් ලබා එහි 10 වැනි ස්ථානයේ පසුවේ.
ඕස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා තරග 6 කදී කඩුලු 12 ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ රැදී සිටියි. එම ලැයිස්තුවේ ඔහුට වඩා එක් පියවරක් පසුපසින් සිටින නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රේන්ට් බෝල්ට් තරග 6 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 11 කි. නවසීලන්තයේ ඉෂ් සෝධි සහ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් කඩුලු 9 බැගින්ද, ජොෂ් හෙසල්වුඩ් (ඕස්ට්‍රේලියාව) සහ ටිම් සවුති (නවසීලන්තය) කඩුලු 8 බැගින්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දක්වා සිටිති.
එම සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කරමින් පිතිහරඹය දෙස අවධානය යොමු කළද, පන්දු යැවීම හෝ පන්දු රැකීම කෙරෙහි අවධානය යොමු කළද කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවෙනි මට්ටමක පසුවෙති. එබැවින් අවසන් පූර්ව තරග දෙකේදී මෙන්ම අවසන් මහ තරගයේදීද අතිශය තියුණු තරගකාරීත්වයක් දැක බලාගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. එහෙත් දක්ෂ කණ්ඩායම් දෙකක් කරට කර තරග වදින මෙවන් තරගයකදී වැරදි අඩුවෙන් කරන කණ්ඩායම දෙසට ජයග්‍රහණය තල්ලුවන බව පමණක් මතක තබාගත යුතුය.
ඕස්ට්‍රේලියානු සංචිතය
එරන් ෆින්ච් (නායක), පැට් කමින්ස්, ඇෂ්ටන් ආගර්, ජොෂ් හේස්ලවුඩ්, ජොෂ් ඉංග්ලිස්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, කේන් රිචඩ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා සහ මිචෙල්ස් ස්වෙප්සන්
නවසිලන්ත සංචිතය
කේන් විලියම්සන් (නායක), මාටින් ගප්ටිල්, ඩැරිල් මිචෙල්, ඩෙවෝන් කොන්වේ, ග්ලේන් පිලිප්ස්, ජේම්ස් නීෂම්, මිචෙල් සෑන්ට්නර්, ඇඩම් මිලන්, ටිම් සවුති, ඉෂ් සෝධි, ට්‍රෙන්ට් බෝල්ට්, ටොඩ් ඇස්ටල්, මාක් චැප්මන්, කයිල් ජෙමීසන් සහ ටිම් සෙයිෆට්
කණ්ඩායම් දෙක පැමිණි ගමන් මඟ
නවසීලන්තය
පාකිස්තානය හමුවේ කඩුලු 5 ක පරාජයක්
ඉන්දියාවට එරෙහිව කඩුලු 8 ක ජයක්
ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 16 ක ජයක්
නැමීබියාවට එරෙහිව ලකුණු 52 ක ජයක්
ඇෆ්ඝනිස්තානයට එරෙහිව කඩුලු 8 ක ජයක්
එංගලන්තයට එරෙහිව කඩුලු 5 ක ජයක්
ඕස්ට්‍රේලියාව
දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 5 ක ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7 ක ජයක්
එංගලන්තය හමුවේ කඩුලු 8 ක පරාජයක්
බංග්ලාදේශයටඑරෙහිව කඩුලු 8 ක ජයක්
බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 8 ක ජයක්
පාකිස්තානයට එරෙහිව කඩුලු 5 ක ජයක්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.