Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලාන ප්‍රවේශපත් කවුළු විවෘත කෙරෙයි

ලෝක කුසලාන ප්‍රවේශපත් කවුළු විවෘත කෙරෙයි

editorial - 2026 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ප්‍රවේශපත් මිලදී ගැනීමේ කවුළු අද (3 වැනිදා) සිට විවෘත කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, ඔරුගොඩවත්ත ප්‍රවේශපත් කවුළුව, පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ බලගොල්ල අභීත ක්‍රීඩාංගණය යන ස්ථාන වලදී ප්‍රවේශපත් කවුළු විවෘත කෙරෙනු ඇත. 
 
සෑම දිනකම පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා ප්‍රවේශපත් කවුළු විවෘත කෙරේ. එක පුද්ගලයකුට උපරිම වශයෙන් ප්‍රවේශපත් 4 ක් මිලදීගත හැකිය. ශ්‍රී ලංකාව සහභාගි නොවන තරග සඳහා එක තැනැත්තෙකුට ප්‍රවේශපත් 10 ක් මිලදීගත හැකිය. 
 
ප්‍රවේශපත් මිල රුපියල් 1,000 සිට රුපියල් 10,000 දක්වා පරාසයක පවතී.
 
ප්‍රවේශපත් කවුළු විවෘත වන දිනයන් සහ වේලාවන් පහත පරිදි වේ. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය 
සියලුම දිනවලදී 
 
ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය 
දොරටු අංක 1 (පෙබරවාරි 4 වැනිදා සිට තරග නොපැවැත්වෙන දිනවලදී පමණි)
 
ඔරුගොඩවත්ත ප්‍රවේශපත් කවුළුව
තරග දිනවල පමණක් විවෘත වේ
 
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය 
දොරටු අංක 5 (පෙබරවාරි 7 වැනිදා සිට තරග නොපැවැත්වෙන දිනවල පමණක් විවෘත වේ)
 
අභීත ක්‍රීඩාංගණය, බලගොල්ල
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී තරඟ පැවැත්වෙන දිනවල පමණක් විවෘත කෙරේ
 
- 213

අදහස් (0)

ලෝක කුසලාන ප්‍රවේශපත් කවුළු විවෘත කෙරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.