Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලයන්ස් පිතිකරුවෝත් ජාතික කණ්ඩායමේ රටාවටම
එංගලන්ත ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

ලයන්ස් පිතිකරුවෝත් ජාතික කණ්ඩායමේ රටාවටම

editorial - 2023 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස්ගේ ශතකය නිසා හිස් ඔසවාගත් එංගලන්ත ‘ලයන්ස්’ ක්‍රීඩකයෝ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පෙරහුරු තරගයේ පළමු දිනය වූ අද (25 වැනිදා) කඩුලු 8 ක් දැවී ලකුණු 413 ක් ලබා සිය මුල් ඉනිම අත්හිටවූහ. සිය ජාතික කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිහරඹ රටාවම අනුගමනය කරන ‘ලයන්ස්’ පිතිකරුවෝ, තුන්දින තරගයකදී වුවත්, ඕවර 67 ක් පුරාම ලකුණු 6.16 ක ලකුණු වේගයක් රඳවා ගත්හ.
 
එංගලන්ත ටෙස්ට් කණ්ඩායම මෑතක සිට අනුගමනය කරන්නේ අතිශය ප්‍රචණ්ඩකාරී ලකුණ රැස්කිරීමකි. නවසීලන්තයට එරෙහිව එංගලන්තයේදී පැවැති තරගාවලියේදී මෙන්ම පාකිස්තානයේදී පැවැති ටෙස්ට් තරගාවලියේදීත් එංගලන්ත පිතිකරුවන්ගේ ප්‍රචණ්ඩකාරී ලකුණු රැස්කිරීම දක්නට ලැබිණ. මෙම ආක්‍රමණශීලී පිතිහරඹ රටාව හඳුන්වනු ලබන්නේ ‘බස්බෝල්’ යනුවෙනි.

දිනයේ ක්‍රීඩාව අවසන් වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම කඩුලු 2 ක්  දැවී ලකුණු 93 ක් ලබා සිටියේය. නිෂාන් මධුෂ්ක නොදැවී ලකුණු 56 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනාගත් ‘ලයන්ස්’ නායක හසීබ් හමීඩ් කිසිම පැකිළීමකින් තොරව පන්දුවට පහරදීම තෝරාගත් නමුත් මුහුණ දුන් පළමු වැනි පන්දුවේදීම, කවිඳු පතිරත්න හමුවේ දැවී ගියේය. දෙවැනි කඩුල්ලත් ලකුනු 17 දී බිඳ වැටුණ නමුත් අංක 4 පිතිකරු, ටොම් ඇබෙල් (57) සමගින් එක්වූ ආරම්භක පිතිකරුවා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 131 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේය.

ඇබෙල් ලකුණු 57 කට දැවී යන විටත්, එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 10 කට ක්‍රීඩා කර ඇති ඇලෙක් ලීස් ලකුණු 71 ක් රැස්කර සිටියේ සුපුරුදු ප්‍රවේගකාරී පිතිහරඹයට නැවතත් අවතීර්ණ වෙමිනි. ලකුණු 199 දී ඇලෙක්ස් ලීස් දැවී යන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.

තේපානය සඳහා ක්‍රීඩාව නතර කරන විට, ඕවර 50 කින් කඩුලු 6 කට 301 ක් ලබා සිටි ලයන්ස් පිතිකරුවෝ එතැන් සිට වේගවත් පිතිහරඹයක නිරත වෙමින්, ඕවර 17 කින් ලකුණු 107 ක් ලබාගත්හ.

සභාපතිගේ පිලේ නායක සහන් ආරච්චිගේ, කඩුලු රකින්නා හැර සෙසු ක්‍රීඩකයන් 10 දෙනාම පන්දු යැවීමට යොදාගත් නමුත් ලයන්ස් පිතිකරුවන් පාලනය කළ නොහැකි විය. ලයන්ස් ඉනිම පුරා යැවුණු ඕවර 67 ට නිපන්දු 12 ක් ඇතුළත් වී තිබීමෙන් ම සභාපතිගේ පිලේ පන්දු යැවීමේ තරම වටහාගත හැකිය.


එංගලන්ත ලයන්ස් - පළමු ඉනිම කඩුලු 8 ට 413 යි
(ඇලෙක්ස් ලීස් 103, ටොම ඇබෙල් 57, ජෝ බොහානන් 58, ලින්ඩන් ජේම්ස් 24, ජැක් හේන්ස් නොදැවී 63, ජැමී ස්මිත් 50, ඔලී රොබින්සන් 25, කවිඳු පතිරත්න 40/2, තරිඳු රත්නායක 85/2, ජනිත් ලියනගේ 47/3)

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 2 ට 93 යි
(නිෂාන් මධුෂ්ක නොදැවී 56, ලසිත් කෲස්පුල්ලේ 19, නිමේෂ් විමුක්ති 17)


අදහස් (0)

ලයන්ස් පිතිකරුවෝත් ජාතික කණ්ඩායමේ රටාවටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.