Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රෝයි - රූට් එංගලන්තය දිනවති

රෝයි - රූට් එංගලන්තය දිනවති

Nisanka Sandeepani - 2018 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජේසන් රෝයිගේ (180) සහ ජෝ රූට්ගේ (නොදැවී 91) වාර්තාගත සම්බන්ධතාව හමුවේ ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 305 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 5 ක් පමණක් දැවී පන්දු 7 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 110 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 91 ක් රැස්කළ නායක ජෝ රූට්, එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ජේසන් රෝයි පන්දු 151 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 16 ක් සමග ලකුණු 180 ක් රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. එය ඔහුගේ ඉහළම එක්දින ඉනිම මෙන්ම එංගලන්ත පිතිකරුවකු එක්දින තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. ජෝ රූට් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 220 කදී ලකුණු 221 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රෝයි සමත් වූ අතර එය එංගලන්ත පිතිකරුවන් දෙදෙනෙක් එක්ව එක්දින තරගයක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ තෙවැනි ඉහළම සම්බන්ධතාවද විය. 

මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ දැඩි ලෙස පහර කෑමකට ලක් වූ අතර මිචෙල් ස්ටාර්ක්ගේ ඕවර 10 දී ලකුණු 71 ද, ඇඩම් සම්පාගේ ඕවර 10 දී ලකුණු 72 ද, පැට් කමින්ස් ඕවර 10 දී ලකුණු 63 ද රැස්කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ. එහිදී මිචෙල් ස්ටාර්ක් සහ පැට් කමින්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ඒරන් ෆින්ච් (107) සමත් වූහ. පන්දු 119 කට මුහුණදුන් ෆින්ච්, සිය 9 වැනි එක්දින ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් අලංකාර කළේය. මිචෙල් මාෂ් (50) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 128 කදී ලකුණු 118 ක සම්බනධතාවක් ගොඩනැගීමටද ෆින්ච් සමත් විය. පන්දු 68 කදී වාර්තා වූ මාෂ්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. 

හය වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මාර්කස් ස්ටොයිනිස් (60) සහ ටිම් පේන් (27) ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. පන්දු 40 කදී වාර්තා වූ ස්ටොයිනිස්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.


ඕස්ට්‍රේලියාව  - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 304

(ඒරන් ෆින්ච් 107, ස්ටීවන් ස්මිත් 23, මිචෙල් මාෂ් 50, මාර්කස් ස්ටොයිනිස් 60, ටිම් පේන් 27, ලයාම් ප්ලන්කට් 71/3, ආදිල් රෂීඞ් 73/2) 

එංගලන්තය - ඕවර 48.5 කදී කඩුලු 5 ක් දැවී 308 

(ජේසන් රෝයි 180, ජෝ රූට් නොදැවී 91, පැට් කමින්ස් 63/2, මිචෙල් ස්ටාක් 71/2) 

-036 


අදහස් (0)

රෝයි - රූට් එංගලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.