Last Update  :  2025-09-13 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රොෂාන් මහානාම භාරය පිහිටුවයි

රොෂාන් මහානාම භාරය පිහිටුවයි

editorial - 2022 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර 25 කට ආසන්න වන නමුත් තමන්ගේ සමාජ සත්කාර කටයුතු දිගටම කරගෙන යන, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු ද වන රොෂාන් මහානාම “අපි පොරොන්දු වෙමු” යන්න තේමාව කරගනිමින්, ‘රොෂාන් මහානාම භාරය’ ආරම්භ කිරීමට සූදානම් වෙයි.

ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදිත දරුවන් සඳහා ශක්තිමත් අධ්‍යාපනික පදනමක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීමට කැපවෙමින්, රොෂාන් මහානාම භාරය ඔක්තෝබර් 4 වන දින කොළඹ 07, නිල වශයෙන් ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් මෙවැනි භාරයක් ආරම්භ කෙරෙන පළමු වැනි අවස්ථාව මෙයයි. එහි ප්‍රධාන අරමුණ වන්නේ “අපි පොරොන්දු වෙමු” ප්‍රතිඥාව මගින්, ශ්‍රී ලාංකීය ප්‍රජාව වඩාත් ඉහළ තලයකට ඔසවා තැබීමයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර විශිෂ්ටයකු වන රොෂාන් මහානාම ක්‍රීඩාංගණයේදී මෙන්ම ඉන් පිටතදීත්, අවංකභාවය සහ විනිවිදභාවය වෙනුවෙන් ලෝකය පුරා ගෞරවයට පාත්‍ර වී සිටින්නෙකි.

ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් 1987, 1992, 1996 සහ 1999 ලෝක කුසලාන තරඟාවලි හතරකට සහභාගී වූ රොෂාන් මහානාම 1999 ලෝක කුසලාන තරගාවලියන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගියේය. විශ්‍රාම ගැනීමෙන් පසු මහානාම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරඟ තීරකයෙකු ලෙස පත්කරන ලදි. ඔහු 2004 වසරේදී ප්‍රභූ මණ්ඩලයේ තරග තීරකවරයකු වූ අතර එයින් සමුගන්නා විට තරග 200 කට වඩා විනිශ්චය කර ඇති තරග තීරකවරුන්ගේ කණ්ඩායමට ඇතුළත් විය.

වසර 145 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමුවැනි දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේ තීරකවරයා වූයේද රොෂාන් මහානාමය. ලෝක ක්‍රිකට් ඉතිහාසයේදී පළමු වතාවට ටෙස්ට් තරගයක් සඳහා රෝස පැහැති පන්දුවක් භාවිතා කෙරුණේද ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඇඩිලේඩ් නුවරදී පැවැති මෙම තරගයේදීමය.

 


අදහස් (0)

රොෂාන් මහානාම භාරය පිහිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.