Last Update  :  2025-10-17 19:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රුවන්වැල්ල රාජසිංහ - දෙහිඕවිට රන්තරු මහඋස්වැව රත්නපාල - මහව විජයබා අවසන් මහ තරගවලට සුදුසුකම් ලබති
ඩයලොග් රන් කුසලාන වොලිබෝල් තරගාවලිය

රුවන්වැල්ල රාජසිංහ - දෙහිඕවිට රන්තරු මහඋස්වැව රත්නපාල - මහව විජයබා අවසන් මහ තරගවලට සුදුසුකම් ලබති

editorial - 2025 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ඩයලොග් ආසිආටා සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ලබන 'ඩයලොග් ජනාධිපති රන් කුසලාන' වොලිබෝල් තරගාවලියේ පිරිමි අවසන් මහා තරගය සඳහා රුවන්වැල්ල රාජසිංහ සහ දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබාගත්හ. කාන්තා අවසන් මහ තරගය සඳහා මහඋස්වැව රත්නපාල සහ මහව විජයබා ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබාගත්හ.

දිස්ත්‍රික් සහ පළාත් වශයෙන් පැවැති තරගාවලි අවසානයේ පළාත් ශූරතා සහ අනුශූරතා දිනූ කාන්තා සහ පිරිමි කණ්ඩායම් 18 ක් බැගින් කණ්ඩායම් 36 ක් ජාතික මට්ටමේ තරගාවලියට පිවිසියහ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැද්දවත්ත මහතාගේ සහ ඩයලොග් ආසියාටා සමාගමේ උප සභාපති (සමූහ අලෙවි) හර්ෂ සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග පැවැත්විණ.

කාන්තා අවසන් පූර්ව වටයට මහඋස්වැව රතනපාල, රුවන්වැල්ල ශ්‍රී සේන,  මහව විජයබා සහ කිරිඳිවැල සංඝමිත්තා ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබාගත්හ.  පිරිමි අවසන් පූර්ව වටයට රුවන්වැල්ල රාජසිංහ, නාත්තන්ඩිය යුනයිටඩ්, මහඋස්වැව රතනපාල සහ දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබාගත්හ.

කතිර ක්‍රමයට පැවැති කාන්තා අවසන් පූර්ව තරගවලදී  මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය විසින් සංඝමිත්තා කණ්ඩායම ලකුණු 25-19, 25-13 සහ 25-21 ලෙසින් පරාජය කරමින් තරගවට 3-0 ක ජයක් ලබාගත්තේය.  ශ්‍රී සේන සහ මහව විජයබා කණඩායම් අතර පැවැති අනෙක් අවසන් පූර්ව තර‍ගයේදී ලකුණු 25-16, 25-12 සහ 25-15 ලෙසින්  තරගවට 3-0ක පහසු ජයක් ලබමින් විජයබා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

පිරිමි අංශයේ අවසන් පූර්ව තරගවලදී තරග වට 3-1 ක් වශයෙන් මහඋස්වැව රතනපාල කණ්ඩායම පරාජය කරමින් රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. දෙවැනි අවසන් පුර්ව තරගයේදී තරග වට 3-1ක් වශයෙන් නාත්තන්ඩිය යුනයිටඩ් පිල පැරදවූ දෙහිඕවිට රන්තරු කණ්ඩායම අවසන් මහා තරගයට  වරම් ලබාගත්තේය.

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොල‍ිබෝල් තරගාවලියේ අවසන් මහා තරග නොවැම්බර් මස 01වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථයේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

රුවන්වැල්ල රාජසිංහ - දෙහිඕවිට රන්තරු මහඋස්වැව රත්නපාල - මහව විජයබා අවසන් මහ තරගවලට සුදුසුකම් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.