Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රිටි පැනීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

රිටි පැනීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

editorial - 2022 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (18) නිමාවට පත්වූ පළමු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී රිටි පැනීම (පිරිමි) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදා ක්‍රීඩක අරුන්තවනාදන් රුවිතරන් සමත් විය. ඒ මීටර 5.15 ක් දක්වා සිය රිටි පැනීම ප්‍රවර්ධණය කර ගනිමිනි.

මෙහි මීට පෙර ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ ඉෂාර සඳරුවන් විසිනි. ඒ මීටර 5.11 කට වසර 2019 දීය.

රුවිකරන්ගේ දක්‍ෂතාව හැරෙන්නට මෙම තේරීම් තරගාවලියේදී මීටර 400 ක්‍රීඩක කාලිංග කුමාර තත්පර 45.70කට සිය මෙ​ෙතක් හොඳම දක්‍ෂතාව මීටර 400 (පිරිමි) ඉසව්වේ ප්‍රදර්ශනය කිරීමත්, හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් මීටර 59.40 ක සිය හොඳම දක්‍ෂතාව දැක්වීමත් කැපී පෙනේ.

ඒ හැරෙන්නට සෙසු ඉසව්හි දක්‍ෂතාවයන්හි සැලකිය යුතු ප්‍රවර්ධනයක් දක්නට නොලැබුණි. එළඹෙන වසරට යෙදෙන ආසියානු ක්‍රීඩා උළෙල (චීනය) හා ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය (තායිලන්තය) ඉලක්ක කරමින් ජාතික මලල ක්‍රීඩා සංචිත කැඳවීමේ ආරම්භයක් ලෙස මෙම පළමු තේරීම් තරගාවලිය පැවැත්විණි.

මෙම තරග සංචාර සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් නිර්දේශ කර ගැනීම සඳහා තවත් ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලි දෙකක් ලබන පෙබරවාරි හා අප්‍රේල් යන මාස දෙකේදී පවත්වා අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩා ආයතනය සැලසුම් කර තිබේ.


අදහස් (0)

රිටි පැනීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.