Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රිනවුන් - කොළඹ තියුණු සටනක

රිනවුන් - කොළඹ තියුණු සටනක

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ කණ්ඩායම හා රිනවුන් කණ්ඩායම අතර තියුණු සටනක් මේ වනවිට ගොඩනැගෙමින් තිබියදී මාතර සිටි ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ සෝන්ඩර්ස් කණ්ඩායමට තියුණු සටනක් දෙමින් මාතරදී පැවති තරගය ජයපැරදුමෙන් තොරව අවසන් කිරීමට සමත් වූහ.

කොළඹ කණ්ඩායම හා පොලිස් කණ්ඩායම අතරද කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම හා ගම්පොල ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම අතරද යුද හමුදා කණ්ඩායම හා නාවික හමුදා කණ්ඩායම අතරද ඊයේ (27) පැවැත්වීමට නියමිතව තිබූ තරග තුනක් අයහපත් කාලගුණය හමුවේ අත්හිටුවනු ලැබීය.

එම තරග යොදාගත් ඉදිරි දිනවලද පැවැත්වීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනී බුද්ධිනි නිමේෂා මෙනවිය ලංකාදීපයට පැවසුවාය.


තරග ප්‍රතිඵල

● මාතර සිටි පිල හා සෝන්ඩර්ස් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (1-1)
● බේරුවල සුපර්සන් පිල විසින් ජාවාලේන් පිල පරාජය කරන ලදී (1-0)
● රිනවුන් පිල විසින් මීගමුව යූත් පිල පරාජය කරන ලදී (3-2)
● අනුරාධපුරය පොලිස් පිල විසින් කළුතර බ්ලූස්ටාර්ස් පිල පරාජය කරන ලදී (2-1)


සැප්තැම්බර් 30 වැනිදා පැවැත්වීමට නියමිත තරග

● බේරුවල සුපර්සන් පිල හා කොළඹ පිල අතර කළුතර වර්නන් ප්‍රනාන්දු පිටියේදී
● ගම්පොල ක්‍රිස්ටල් පැලස් පිල හා අනුරාධපුරය සොලිඞ් පිල අතර නාවලපිටිය ජයතිලක පිටියේදී.
● මොරගස්මුල්ල ක්‍රී.ස. පිල හා වෙන්නප්පුව නිව් යංග්ස් පිල අතර රාජගිරියේදී.
● කුරුණෑගල පෙලිකන්ස් පිල හා යුද හමුදා පිල අතර කුරුණෑගල මාලිගාපිටියේදී.
● රිනවුන් පිල හා ජාවාලේන් පිල අතර කැලණිය පාපන්දු පිටියේදී.


ඔක්තෝම්බර් 01 වැනිදා පැවැත්වීමට නියමිත තරග

● සෝන්ඩර්ස් පිල හා මීගමුව යූත් පිල අතර කැලණිය පාපන්දු පිටියේදී.
● නාවලපිටිය අප්කන්ට්‍රි පිල හා නාවික හමුදා පිල අතර නාවලපිටිය ජයතිලක පිටියේදී.
● පොලිස් පිල හා ගුවන් හමුදා පිල අතර බම්බලපිටිය පොලිස් පිටියේදී.
● කළුතර බ්ලූස්ටාර්ස් පිල හා මාතර සිටි පිල අතර කළුතර වර්නන් ප්‍රනාන්දු පිටියේදී.

 


අදහස් (0)

රිනවුන් - කොළඹ තියුණු සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.