Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද හමුදාවට ගෝල 8-1 ක දැවැන්ත ජයක්

යුද හමුදාවට ගෝල 8-1 ක දැවැන්ත ජයක්

ශනුක අරවින්ද - 2017 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවනු ලබන 2017 ඩයලොග් ශූරයින්ගේ පාපන්දු තරගාවලියේ පළමු අදියරයේ තරග 9 න් තරග 8 ක් මේ නව විට පවත්වා අවසන් වී ඇත. අවසන් වී ඇති තරග අතරින් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නිගම්බු යූත් කණ්ඩායමට එරෙහිව ගෝල් 8-1 ක වාර්තාගත ජයක් හිමිකර ගෙන ඇති අතර එහි දී යුද හමුදා කණ්ඩායමේ සජිත් කුමාර ගෝල් පහක් සමඟ ගෝල් ත්‍රිත්වයක වාර්තාවක්  පිහිටුවීම සුවිශේෂී වේ.

මේ අතර කලුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සහ බේරුවල සුපර් සන් ක්‍රීඩා සමාජ අතර අතරමඟ නතර කරන ලද තරගය මෙම හෙට (6 වැනිදා) ප.ව.3.30 කොළඹ සිටි ලීග් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

දෙවැනි අදියර තරග මේ මස 9 සහ 10 යන දිනවල පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විධි විධාන යොදා ඇත.

I වැනි අදියරේ තරග ප්‍රතිඵල

■    ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රී.ස සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රී.ස අතර තරගය කැලණියේ දී ජය පැරදුමෙන් තොරව අවසන් විය. (ගෝල 0-0)
■    පෙලිකන්ස් ක්‍රී.ස කුරුණෑගල විසින් පොලිස් ක්‍රී.ස කුරුණෑගලදී පරාජය කරන ලදී. (ගෝල 2-1)
■    කොළඹ එෆ්.සී විසින් මොරගස්මුල්ල ක්‍රී.ස සුගතදාස ක්‍රීඩාංගනයේදී පරාජය කරන ලදී (ගෝල 2-0)
■    සෝන්ඩර්ස් ක්‍රී.ස සහ රිනවුන් ක්‍රී.ස අතර සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. (ගෝල 1-1)
■    වෙන්නප්පුව නිව්යංග්ස් ක්‍රී.ස විසින් අනුරාධපුර සොලීඞ් ක්‍රී.ස අනුරාධපුරයේදී පරාජය කරන ලදී.(ගෝල 2-1)
■    මාතර සිටි ක්‍රී.ස විසින් නාවලපිටිය අප්කන්ටි්‍ර ක්‍රී.ස නාවලපිටියේදී පරාජය කරන ලදී.(ගෝල් 4-1)
■    ක්‍රිස්ටල් පැලස් ක්‍රී.ස විසින් ජාවා ලේන් ක්‍රී.ස කොළඹ සිටි ලීග් ක්‍රීඩාංගනයේදී පරාජය කරන ලදී (ගෝල් 1-0)
■    ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රී.ස විසින් නිගම්බු යූත් ක්‍රී.ස කැලණියේදී පරාජය කරන ලදී (ගෝල් 8-1)
■    බේරුවල සුපර්සන් ක්‍රී.ස කලුතර බ්ලු ස්ටාර් ක්‍රී.ස අතර තරගය අතරමගදී නතර කරන ලදී.

දෙවන අදියරයේ තරග

සැප්තැම්බර් 9 දා   

  • කොළඹ එෆ්.සී සහ පොලිකන් අතර තරගය සිටි පාපන්දු ක්‍රිඩාංගනයේදී
  • මාතර සිටි ක්‍රී.ස මොරගස්මුල්ල ක්‍රී.ස අතර තරගය මාතර සිටි ක්‍රීඩාංගනයේදී
  • පොලිස් ක්‍රී.ස සහ ජාවා ලේන් ක්‍රී.ස අතර බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගනයේදී
  • අප්කන්ටි්‍ර ලයන්ස් සහ රිනවුන් ක්‍රී.ස අතර තරගය නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේදී

සැප්තැම්බර් 10 දා      

  • බ්ලූ ස්ටාර් සහ ක්‍රිස්ටල් පැලස් අතර තරගය කලුතර වර්නන් ප්‍රනාන්දු   ක්‍රීඩාංගනයේදී
  • සෝන්සර්ස් ක්‍රී.ස ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රී.ස අතර කැලණිය පාපන්දු ක්‍රීඩාංගනයේදී
  • නිව්යංග්ස් ක්‍රී.ස සහ සුපර්සන් ක්‍රී.ස අතර තරගය වෙන්නප්පුව ඇල්බට් එෆ්.පීරිස්  ක්‍රීඩාංගනයේදී
  • සොලීඞ් ක්‍රී.ස සහ නාවික හමුදා ක්‍රී.ස අතර තරගය අනුරාධපුර බන්ධනාගාර  ක්‍රීඩාංගනයේදී

 

 


අදහස් (0)

යුද හමුදාවට ගෝල 8-1 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.