Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෝර්ටසාට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

මෝර්ටසාට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

editorial - 2019 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 26 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියෙන් ඉවත්වීමට බංග්ලාදේශ නායක මශ්රාෆි මොර්ටසාට සිදුවී තිබේ. පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ඉරීයාමක් හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

බංග්ලාදේශ කණ්ඩායම අද (20 වැනිදා - සෙනසුරාදා) ශ්‍රී ලංකාව බලා පිටත්වීමට සූදානමින් සිටියේය. ඊට පෙර බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති පුහුණු සැසියකදී මොර්ටසා මෙම ආබාධයට මුහුණ දී තිබේ.

මොර්ටසා වෙනුවට බංග්ලාදේශය කණ්ඩායම මෙහෙයවීම සඳහා ටමීම් ඉක්බාල් නම්කර තිබේ. තරාවලියේ පළමු තරගය මේ මස 26 වැනිදා පැවැත්වෙන අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය 31 වැනිදා පැවැත්වීමට නියමිතය.

“මොර්ටසාගේ ආබාධය නිතර නිතර ඇතිවෙන, සාමාන්‍යය එකක්. ඒක සම්පූර්ණයෙන් සුවවෙන්න සති හතරක් විතර යනවා....ඒ නිසා මාසයක විතර කාලයක් එයාට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නෑ” යයි බංග්ලාදේශ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය දෙබසිස් චෞද්රි මහතා පැවසීය.

ටමීම් ඉක්බාල්

..


අදහස් (0)

මෝර්ටසාට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.