Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හුදකලා සටනක නිරතවන මොහොමඩ් රිස්වාන්ගේ (නොදැවී 53) පිතිහරඹය හමුවේ සදම්ප්ටන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 වැනිදා) තේ පානයට තරගය නතර කරනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානය කඩුලු 8 ක් දැවී ලකුණු 215 ක් රැස්කරගෙන සිටියේය.
තේ පානයට තරගය නතර කරනවිට මොහොමඩ් රිස්වාන් ලකුණු 53 ක් සහ මොහොමඞ් අබ්බාස් ලකුණු 2 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. මොහොමඩ් රිස්වාන් අද ලබාගත් අර්ධ ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ දෙවැනි අර්ධ ශතකය ලෙස වාර්තා විය.
දිවා ආහාරයත් තේ පානයත් අතර කාළය තුල කඩුලු 3 ක් අහිමිකරගත් පාකිස්තානුවන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 60 ක් පමණි.
ලකුණු 47 ක් රැස්කරමින් පාකිස්තාන ඉනිම ගොඩනගමින් සිටි බාබර් අසාම්ට දිවා ආහාරයෙන් පසුව වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ස්ටුවර්ට් බ්‍රෝඩ්ගෙන් අවස්ථාවක් හිමිනොවීය.
පාකිස්තාන පිලට තවත් ලකුණු 13 ක් එක්වන විට හත්වැනි කඩුල්ල ලෙස යසීර් ෂා පිටියෙන් ඉවත් කිරීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත්විය. ඉන් පසු පන්දුවට පහරදීමට පැමිණි ශහින් ෂා ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවන විට පාකිස්තාන ලකුණු පුවරුව 176 කට කඩුලු 8 ක් ලෙස සටහන් විය.
උදෑසන සිට එංගලන්තයේ සදම්ප්ටන් ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයේ ආරම්භය මිනිත්තු 90 ක් පමණ ප්‍රමාද විය.
වර්ෂාව හේතුවෙන් පළමු දිනයේදී එංගලන්ත කණ්ඩායමට යැවීමට හැකිවූයේ ඕවර 45.4 ක් පමණි. එහිදී කඩුලු 5 ක් දැවී ලකුණු 126 ක් රැස්කළ පාකිස්තාන පිතිකරුවන් පැයකට සීමාවූ දෙවැනි දිනයේ පළමු භාගයේදී කඩුල්ලක් ලබා නොදුන්නද ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 29 ක් පමණි.
වසර 11 කට පසුව නැවතත් ටෙස්ට් පිටියට පිවිසි ෆවඞ් අලාම් ලකුණු ලබාගැනීමට පෙරම පිටියෙන් ඉවත් කිරීමට ක්‍රිස් වෝක්ස් පෙරේදා (13 වැනිදා) සමත්විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ෆවඞ් අලාම් දැවී ගියේය.
පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 215
(අබිඩ් අලී 60, අසාර් අලී 20, බාබර් අසාම් 47, මොහොමඩ් රිස්වාන් නොදැවී 53, ජේම්ස් ඇන්ඩර්සන් 48/3, ස්ටුවර්ට් බ්‍රෝඩ් 48/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.