Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මොරටු රන් හටන ජය පැරදුමෙන් තොරයි

මොරටු රන් හටන ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මොරටුව වේල්ස්කුමර විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී ඊයේ සහ අද (7 සහ 8) පැවැති 64 වැනි රන් හටන ජය පරාජයෙන් තොරව අවසන්විය.

තරගයේ වීරයා ලෙස සංගීත් කුරේ සම්මාන දිනාගත් අතර වේල්ස්කුමර විදුහලේ කුසල් මෙන්ඩිස් දක්ෂතම පිතිකරුවා ලෙසත්, තිලාන් නිමේෂ් දක්ෂතම පන්දුයවන්නා ලෙසත්, කි‍්‍රෂේන් මෙන්ඩිස් දක්ෂතම පන්දුරකින්නා ලෙසත් සම්මාන දිනාගත්හ.

තරගය ජය ගැනීම සඳහා වේල්ස්කුමර විදුහලට ලකුණු 220 රැස්කිරීමට නියම වුවත් තරගය නිමා වනවිට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි  ඔවුන්ට ඕවර 3 ක් අවසානයේ කඩුලූ 2 දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 32 ක් පමණි.

එහිදී පන්දු 7 කට මුහුණ දෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් වේගවත් ලකුණු 28 ක් රැස්කිරීමට තම සුපුරුදු ස්ථානයෙන් ඉදිරියට පැමිණ, ආරම්භක ලෙස පන්දුවට පහරදුන් පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්විය.

ශාන්ත සෙබස්තියන් දෙවැනි ඉනිම සඳහා සඳහා සියලූ දෙනා දැවී ලකුණු 221 ක් රැස්කළ අතර තිලාන් නිමේෂ් ලකුණු 88 කට කඩුලූ 4 ක් දවාගනිමින් සෙබස්තියන් පිල් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එක්ල කළේය. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ කුසල් ලක්තිළිණ හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය.

තරගයේ දෙවැනි දිනයේදී කඩුලූ 9 කට ලකුණු 221 ක් ලබාසිටියදී වේල්ස්කුමර විදුහල තම පළමු ඉනිම අත්හිටුවා ශාන්ත සෙබස්තියන් විදුහලට පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය.

එහිදී වේස්ල්කුමර විදුහල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 118 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 89 ක් රැස්කළ අතර ගයාන් චාමර (43) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 94 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ඔහු සමත්විය.

වේස්ල්කුමර විදුහලේ පසුපෙළ පිතිකරුවන් අසරණ කරමින් ලකුණු 48 කට කඩුලූ 4 ක් දවාගත් ලහිරු හේෂාන් ශාන්ත සෙබස්තියන් විදුහලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්විය.

කාසියේ වාසිය දිනූ වේල්ස්කුමර විදුහලේ නායක අශේන් මෙන්ඩිස්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශාන්ත සෙබස්තියන් විදුහල තම පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 220 ක් රැස්කළ අතර සංගීත් කුරේ (43) සහ අවිෂ්ක ප‍්‍රනාන්දු (47) එක්ව ඒ සඳහා අගනා අඩිතාලමක් දැමූහ.

වේල්ස්කුමරුවන් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ තිලාන් නිමේෂ් ලකුණු 41 කට සෙබස්තියන් පළමු ඉනිමේ කඩුලූ 4 ක් දවාගනිමින් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එක්ල කිරීමට සමත්විය.

ශාන්ත සෙබස්තියන් විදුහල - පළමු ඉනිම
සංගීත් කුරේ - ක. මු. කළා ප. තිලාන් නිමේෂ්     43
ලූක් ජයදේව - ක. මු. කළා ප. සචිත් පුෂ්පකුමාර     01
අවිෂ්ක ප‍්‍රනාන්දු - ඇ. අශේන් මෙන්ඩිස් ප. ජයංග පීරිස්     47
මුදිත ප‍්‍රනාන්දු - දුවද්දී දැවීගියා (ජයංග පීරිස්)     32
කුසල් ලක්තිළිණ - ඇ. කි‍්‍රෂාන් අපොන්සු ප. තිලාන් නිමේෂ්    12
අනුක් ප‍්‍රනාන්දු -  ඇ. කි‍්‍රෂාන් අපොන්සු ප. සචිත් පුෂ්පකුමාර    36    
ශාන් ප‍්‍රනාන්දු - ඇ. හසිත ලංකා ප. ගයාන් චාමර     11
සචින්ත ෆොන්සේකා - ඇ. අශේන් මෙන්ඩිස් ප. තිලාන් නිමේෂ්    20
උමේෂ්ක මොරායස් - පන්දු රකින්නාට බාධා කිරීම    02
ඉසුරු මෙන්ඩිස් - ඇ. කි‍්‍රෂාන් අපොන්සු ප. තිලාන් නිමේෂ්     01
ලහිරු හේෂාන් - නොදැවී     06
අතිරේක     09
එකතුව ඕවර 53.5 කදී සියලූ දෙනා දැවී    220   

කඩුලූ වැටීම:
1-5(ලූක් ජයදේව), 2-93(අවිෂ්ක ප‍්‍රනාන්දු), 3-101(මුදිත ප‍්‍රනාන්දු), 4-137(සංගීත් කුරේ), 5-146(කුසල් ලක්තිළිණ), 6-179(ශාන් ප‍්‍රනාන්දු), 7-209(සචින්ත ෆොන්සේකා), 8-209(අනුක් ප‍්‍රනාන්දු), 9-214(ඉසුරු මෙන්ඩිස්), 10-220(ඉසුරු මෙන්ඩිස්)

පන්දු යැවීම:
සචිත් පුෂ්පකුමාර 9.5-0-23-2, ගයාන් චාමර 6-1-34-1, ශෙනාල් චේතන 2-0-18-0, ජයංග පීරිස් 14-1-95-1, තිලාන් නිමේෂ් 20-6-41-4, ශානුක දුලාජ් 2-0-07-0

වේල්ස්කුමර විදුහල - පළමු ඉනිම
ශානුක දුලාජ් - ඇ. සචින්ත ෆොන්සේකා ප. ශාන් ප‍්‍රනාන්දු     04
ගයාන් චාමර - ක. මු. කළා ප. ලහිරු හේෂාන්    43
කුසල් මෙන්ඩිස් - ඇ. සංගීත් කුරේ ප. අනුක් ප‍්‍රනාන්දු    89
අශේන් මෙන්ඩිස් - ප. සංගීත් කුරේ    19
සුචිර ප‍්‍රනාන්දු - ඇ. සචින්ත ෆොන්සේකා ප. උමේෂ්ක මොරායස්    14
කි‍්‍රෂේන් අපොන්සු - ඇ. සචින්ත ෆොන්සේකා ප. ලහිරු හේෂාන්    22
හසිත ලංකා - දුවද්දී දැවී ගියා (ලහිරු හේෂාන්)    04
ශෙනාල් චේතක - ඇ. සංගීත් කුරේ ප. ලහිරු හේෂාන්    06
සචිත් පුෂ්පකුමාර - නොදැවී     11
ජයංග පීරිස් - ඇ. සචින්ත ෆොන්සේකා ප. ලහිරු හේෂාන්     00
අතිරේක     09
එකතුව  ඕවර 57.1 කදී කඩුලූ 9 ක් දැවී     221  

පන්දුවට පහර නොදුන් කී‍්‍රඩකයා:
තිලාන් නිමේෂ්

කඩුලූ වැටීම:
1-11(ශානුක දුලාජ්), 2-105(ගයාන් චාමර), 3-152(අශේන් මෙන්ඩිස්), 4-176(කුසල් මෙන්ඩිස්), 5-178(සුචිර ප‍්‍රනාන්දු), 6-186(හසිත ලංකා), 7-210(ශෙනාල් චේතක), 8-213(කි‍්‍රෂේන් අපොන්සු), 9-221(ජයංග පීරිස්)

පන්දු යැවීම:
අනුක් ප‍්‍රනාන්දු 15-0-62-1, ශාන් ප‍්‍රනාන්දු 4-0-19-1, කුසල් ලක්තිළිණ 2-0-11-0, ලහිරු හේෂාන් 13.1-2-48-4, උමේෂ්ක මොරායස් 15-25-2-1, ඉසුරු මෙන්ඩිස් 2-0-11-0, සංගීත් කුරේ 6-0-17-1

ශාන්ත සෙබස්තියන් විදුහල - දෙවැනි ඉනිම
සංගීත් කුරේ - ඇ. කි‍්‍රෂාන් අපොන්සු ප. ගයාන් චාමර    09
ලූක් ජයදේව - ඇ. කි‍්‍රෂාන් අපොන්සු ප. ගයාන් චාමර    04
අවිෂ්ක ප‍්‍රනාන්දු - ක. මු. කළා ප. තිලාන් නිමේෂ්    36
මුදිත ප‍්‍රනාන්දු - ඇ. ගයාන් චාමර ප. ජයංග පීරිස්     09
ක-ුසල් ලක්තිළිණ - ප. තිලාන් නිමේෂ්      40
අනුක් ප‍්‍රනාන්දු - ක. මු. කළා ප. කුසල් මෙන්ඩිස්     15
ශාන් ප‍්‍රනාන්දු - ඇ. කි‍්‍රෂාන් අපොන්සු ප. සචිත් පුෂ්පකුමාර    39
සචින්ත ෆොන්සේකා - ඇ. සුචිර ප‍්‍රනාන්දු ප. තිලාන් නිමේෂ්    15
උමේෂ්ක මොරායස් - දුවද්දී දැවීගියා (ශානුක දුලාජ්)    12
ඉසුරු මෙන්ඩිස් - ක. මු. කළා ප. තිලාන් නිමේෂ්     27
ලහිරු හේෂාන් - නොදැවී     06
අතිරේක     09
එකතුව  ඕවර 77 කදී සියලූ දෙනා දැවී    221  

කඩුලූ වැටීම:
1-13(ලූක් ජයදේව), 2-15(සංගීත් කුරේ), 3-50(මුදිත ප‍්‍රනාන්දු), 4-74(අවිෂ්ක ප‍්‍රනාන්දු), 5-106(අනුක් ප‍්‍රනාන්දු), 6-133(කුසල් ලක්තිළිණ), 7-173(ශාන් ප‍්‍රනාන්දු), 8-175(සචින්ත ෆොන්සේකා), 9-193(උමේෂ්ක මොරායස්), 10-221(ඉසුරු මෙන්ඩිස්)

පන්දු යැවීම:
තිලාන් නිමේෂ් 34-5-88-4, සචිත් පුෂ්පකුමාර 7-1-11-1, ගයාන් චාමර 4-0-8-2, ජයංග පීරිස් 16-2-63-1, ශෙනාල් චේතන 2-0-08-0, ශානුක දුලාජ් 5-1-19-0, කුසල් මෙන්ඩිස් 4-0-8-1, අශේන් මෙන්ඩිස් 5-1-13-0

වේල්ස්කුමර විදුහල - දෙවැනි ඉනිම
කුසල් මෙන්ඩිස් - ඇ. ලූක් ජයදේව ප. උමේෂ්ක මොරායස්    28
ශානුක දුලාජ් - නොදැවී    02
හසිත ලංකා - ඇ. සංගීත් කුරේ ප. උමේෂ්ක මොරායස්    00
ගයාන් චාමර - නොදැවී    02
අතිරේක     00
එකතුව  ඕවර 3 කදී කඩුලූ 2 ක් දැවී     32  

පන්දුවට පහර නොදුන් කී‍්‍රඩකයෝ:
අශේන් මෙන්ඩිස්, සුචිර ප‍්‍රනාන්දු, කි‍්‍රෂේන් අපොන්සු, ශෙනාල් චේතක, සචිත් පුෂ්පකුමාර, ජයංග පීරිස්

කඩුලූ වැටීම:
1-29(කුසල් මෙන්ඩිස්), 2-29(හසිත ලංකා)

පන්දු යැවීම:
ලහිරු හේෂාන් 1-0-28-0, උමේෂ්ක මොරායස් 1-0-03-2, මුදිත ප‍්‍රනාන්දු 1-0-1-0

 


අදහස් (0)

මොරටු රන් හටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.