Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට සී.සී.සී. කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් (නොදැවී 200) සමත් විය. කුසල් මෙන්ඩිස්ගේ මෙම ද්විත්ව ශතකය හේතුවෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කළ සී.සී.සී. කණ්ඩායම තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම ලීග් ශූරතාව දිනාගත්තේය.
පසුගිය වසරේදීත් ලීග් ශූරයන් වූ සී.සී.සී. කණ්ඩායම මේ වසරේදී අන්තර් සමාජ විස්සයි-20 ශූරතාව දිනාගත් ක්‍රීඩා සමාජයද වෙයි.
තරගාවලියේ ශූරතාව තහවුරු කරගැනීමට නම් සී.සී.සී. පිලට මෙම තරගයේදී මුල් ඉනිමේ ජයක් අත්‍යවශ්‍යව තිබිණ. එවන් තත්ත්වයක් තිබියදී ලකුණු 468 ක ඉලක්කයක් හඹා යමින් සිටි සී.සී.සී. පිලේ තුන්වැනි කඩුල්ලත් ලකුණු 136 දී ඇද වැටිණ. එහෙත් ලසිත් අබේරත්න සමග එක්වූ මෙන්ඩිස් ලකුණු 171 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් මුලු ලකුණු සංඛ්‍යාව 304 දක්වා ඉදිරියට ගෙන ගියද පාදයේ මස්පිඬු පෙරළීමක් මෙන්ම කලවයේ පන්දුව වැදීමේ වේදනාවක් හේතුවෙන් ලකුණු 128 ක් ලබා සිටියදී තාවකාලිකව පිටියෙන් ඉවත් විය.
කුසල් තාවකාලිකව පිටියෙන් ඉවත්ව යාමෙන් පසුව ලකුණු 26 ක් ඇතුළත තවත් පිතිකරුවෝ තිදෙනකු ආපසු ක්‍රීඩාගාරයට ගිය අතර ශතකයක් ලබා සිටි ලසිත් අබේරත්නද ඒ අතර විය. නැවතත් පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් අංක 8 පිතිකරුවා වූ ළහිරු මධුශංක සමගින් එක්ව ලකුණු 134 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් තම කණ්ඩායම ලීග් ශූරතාව කරා කැඳවාගෙන ගියේය.
ද්විත්ව ශතකය ලබාගැනීම සඳහා පන්දු 300 කට මුහුණදුන් මෙන්ඩිස්, හතරේ පහර 24 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළේය. මෙන්ඩිස් සිය ද්විත්ව ශතකය ලබාගත්තේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ඉදිරියට පැන ගැසූ දැවැන්ත හයේ පහරකිනි. මෙන්ඩිස්ට විශිෂ්ට සහයෝගයක් දුන් ළහිරු මධුශංක පන්දු 116 කට මුහුණ දෙමින් ලකුණු 63 ක් ලබාගත්තේ හතරේ පහර 8 ක් සිය ඉනිමට එකතු කරමිනි.
මෙන්ඩිස්ට සහ අබේරත්නට අමතරව ඉකුත් සෙනසුරාදා (22 වැනිදා) නිමාවට පත්වූ සුපිරි 8 වටයේ තරගවලදී ශතක ලබාගැනීමට එන්.සී.සී. කණ්ඩායමේ ළහිරු උදාර (111), බී.ආර්.සී. කණ්ඩායමේ රමින්ද විජේසූරිය (109), රාගම කණ්ඩායමේ ජනිත් ලියනගේ (නොදැවී 107) සහ හලාවත මේරියන්ස් කණ්ඩායමේ රුමේෂ් බුද්ධික (145) සමත් වූහ.
එම තරගවලදී සැරසන්ස් කණ්ඩායමේ මොහොමඞ් ඩිල්ෂාන් (42/7) සහ රනිත ලියනාරච්චි (66/6), සී.සී.සී. කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර (80/6), යුද හමුදා කණ්ඩායමේ දුෂාන් විමුක්ති (38/5) සහ හලාවත මේරියන්ස් කණ්ඩයමේ අසිත ප්‍රනාන්දු (87/5) පන්දුවෙන් දස්කම් දැක්වූහ. මාලින්ද පුෂ්පකුමාර පළමු පෙළ ඉනිමකදී කඩුලු 5 ක් දවාගත්තේ 65 වැනි වතාවටය.
■ එන්.සී.සී. සහ සී.සී.සී. - පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 467
(ළහිරු උදාර 111, මහේල උඩවත්ත 77, චතුරංග ද සිල්වා 159, සහන් ආරච්චිගේ 62, මාලින්ද පුෂ්පකුමාර 80/6, ළහිරු ගමගේ 66/2)
සී.සී.සී. පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 480
(මිනෝද් භානුක 33, කුසල් මෙන්ඩිස් නොදැවී 200, අශාන් ප්‍රියංජන් 23, ලසිත් අබේරත්න 104, ළහිරු මධුෂංක නොදැවී 63, දුෂ්මන්ත චමීර 81/2, ළහිරු කුමාර 103/2)
■ බී.ආර්.සී. සහ සැරසන්ස් - කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 392
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 52, දේශාන් ඩයස් 39, භානුක රාජපක්ෂ 33, දිල්ෂාන් ද සොයිසා 26, ශානුක දුලාජ් 94, රමින්ද විජේසූරිය 109, රනිත ලියනාරච්චි 66/6, සචින්ත පිරීස් 85/2)
සැරසන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 262
(සිතාර ගිම්හාන් 43, ගමිඳු අමරසිංහ 43, ප්‍රමෝද් මධුවන්ත 47, අෂේන් බණ්ඩාර 31, සචින්ත පීරිස් 21, රනිත ලියනාරච්චි 37, මොහොමඞ් ශිරාස් 74/4, දුවිඳු තිලකරත්න 36/2, භානුක රාජපක්ෂ 49/2)
බී.ආර්.සී. දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 124
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 22, හෂේන් රාමනායක 35, මොහොමඞ් ඩිල්ෂාන් 42/7, සචින්ත පීරිස් 28/3)
සැරසන්ස් දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 75
(නවිඳු විතානගේ නොදැවී 20, අෂේන් බණ්ඩාර 36)
■ යුද හමුදා සහ රාගම - සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 501
(සමින්ද ප්‍රනාන්දු 92, රොෂේන් සිල්වා 80, නිශාන් ප්‍රනාන්දු 56, ජනිත් ලියනගේ නොදැවී 107, බිනුර ප්‍රනාන්දු 62, අමිල අපෝන්සු 44, යශෝධ මෙන්ඩිස් 74/3, මල්ක මධුෂංක 84/2, සීකුගේ ප්‍රසන්න 128/2)
යුද හමුදා පළමු ඉනිම - සියලු දෙනා දැවී 189
(දිනේෂ් චන්දිමාල් 50, දුෂාන් විමක්ති 20, යශෝධ මෙන්ඩිස් 25, හෂේන් හෙට්ටිආරච්චි 54, ශෂික දුෂාන් 44/4, ඉෂාන් ජයරත්න 13/2)
රාගම දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 126
(සමින්ද ප්‍රනානදු 32, රොෂේන් සිල්වා 18, දුෂාන් විමුක්ති 38/5, සීක්කුගේ ප්‍රසන්න 32/3)
යුද හමුදා දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 66
(අසේල ගුණරත්න නොදැවී 22, තුලින දිල්ෂාන් 19)
■ කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් - එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 302
(සංතුෂ් ගුණතිලක 74, සංගීත් කුරේ 38, ඩිල්රුවන් පෙරේරා 58, අකිල ධනංජය නොදැවී 51, අසිත ප්‍රනාන්දු 87/5, ශෙහාන් ජයසූරිය 54/2, තික්ෂිල ද සිල්වා 65/2)
හලාවත මේරියන්ස් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 399
(ලසිත් කෘස්පුල්ලේ 54, රුමේෂ් බුද්ධික 145, ෂෙහාන් ජයසූරිය 28, විදුර අධිකාරි නොදැවී 68, තික්ෂිල ද සිල්වා 20, නිපුන රංසික 58/2, අකිල ධනංජය 72/2)
කෝල්ට්ස් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 227
(අවිෂ්ක ප්‍රනාන්දු 21, සංතුෂ් ගුණතිලක 82, විෂාද් රන්දික 32, සංගීත් කුරේ 57, නිමේෂ් විමුක්ති 59/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.