Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ට මීටර් 50 අවසන් තරගය අහිමිවෙයි

මැතිව්ට මීටර් 50 අවසන් තරගය අහිමිවෙයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

9998(8)

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මැතිව් අබේසිංහ අසමත් විය. එම ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගය තප්පර 22.84 කින් අවසන් කළ මැතිව්ට හිමිවූයේ එහි 8 වැනි ස්ථානයයි.

මූලික වටයේ තරගයකදී තත්පර 22.65 ක කාලයක් වාර්තා කරමින් ඔහු එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. මූලික වටයේ තරගයේදී මැතිව්ට හිමිවූයේ සිව්වැනි ස්ථානයයි.

එම ඉසව්වේ මූලික වටයේ තරගවලට සහභාගී වූ  සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන කයිල් අබේසිංහ සහ චෙරන්ද ද සිල්වා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූහ. එහිදී ඔවුන් දෙදෙනා පිළිවෙන් තත්පර 23.73 ක සහ 24.29 ක කාලයන් වාර්තා කරමින් ඔවුන් සහභාගි වූ මූලික වටයේ තරගවල සිව්වැනි සහ 8 වැනි ස්ථානවලට පත් වූහ.

අද පැවැති පිරිමි මීටර් 200 පසුපස ආර ඉසව්වේ මූලික තරගයකට සහභාගි වූ අංලක පීරිස්, එහිදී විනාඩි 2 යි, තත්පර 11 යි දශම 56 ක කාලයක් වාර්තා කරමින් 7 වැනි ස්ථානයට පත්විය. එහෙත් එම ඉසව්වේ අවසන් පුර්ව වටයට සුදුදුකම් ලබාගැනීමට තරම් ඔහුගේ තරග නිමි කාලය ප්‍රමාණවත් නොවීය.

කාන්තා මීටර් 50 පසුපස ආර ඉසව්වට සහභාගි වූ විනෝලි කළුආරච්චිටද එම ඉසව්වේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවූවාය. තප්පර 31.02 ක කාලයක්  වාර්තා කළ ඇයට හිමිවූයේ එම තරගයේ 8 වැනි ස්ථානයයි.


ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ ඉසව්

■    පිරිමි මීටර් 50 නිදහස් ආර සහාය ඉසව්ව (මූලික වටය)
4 වැනි ස්ථානය - මැතිව් අබේසිංහ (තත්පර 22.65)
4 වැනි ස්ථානය - කයිල් අබේසිංහ (තත්පර 23.73)
8 වැනි ස්ථානය - චෙරන්ත ද සිල්වා (තත්පර 24.29)

■    පිරිමි මීටර් 200 පසුපස ආර ඉසව්ව (මූලික වටය)
7 වැනි ස්ථානය - අකලංක පීරිස් (මිනිත්තු 2:11.56)

■    කාන්තා මීටර් 50 පසුපස ආර ඉසව්ව (මූලික වටය)
8 වැනි ස්ථානය - විනෝලි කළුආරච්චි (තත්පර 31.02

 

- 036


අදහස් (0)

මැතිව්ට මීටර් 50 අවසන් තරගය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.