Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ට අවසන් තරගය මඟහැරෙයි

මැතිව්ට අවසන් තරගය මඟහැරෙයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ssss(24)

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ අද (7 වැනිදා) පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් පුර්ව වටයට සහභාගි වූ මැතිව් අබේසිංහ එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් විය.

තත්පර 49.43 ක කාලයක් වාර්තා කරමින් පළමු අවසන් පූර්ව තරගයේ සිවුවැනි ස්ථානයට පත්වීමට මැතිව් සමත් විය. එහෙත් තරගය නිමි කාලය අනුව අවසන් පූර්ව වටයට සහභාගි වූ ක්‍රීඩකයන් 16 දෙනා අතරින් මැතිව්ට හිමිවූයේ 10 වැනි ස්ථානයයි. අවසන් මහ තරගයට තෝරා ගනු ලබන්නේ ක්‍රීඩකයන් 8 දෙනෙක් පමණක් වීම නිසා ඊට සහභාගි වීමේ අවස්ථාව මැතිව්ට අහිමිවී ගියේය. මැතිව් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ඔහු සහභාගි වූ මූලික වටයේ තරගය තත්පර 49.11 ක කාලයකින් නිමා කරමිනි.

එම ඉසව්වේ මූලික වටයේ තරගවලට සහභාගී සෙසු ශ්‍රී ලංක ක්‍රීඩකයන් වන කයිල් අබේසිංහ සහ චෙරන්ද ද සිල්වා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූහ. එහිදී ඔවුන් දෙදෙනා පිළිවෙන් තත්පර 52.20 ක සහ 52.08 ක කාලයන් වාර්තා කරමින් 5 වැනි සහ 8 වැනි මූලික වටයේ තරගවල අවසන් ස්ථානවලට පත් වූහ.

අද පැවැති පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වේ මූලික තරගයකට සහභාගි වූ අංලක පීරිස්, එහිදී තත්පර 26.83 ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ අවසන් පුර්ව වටයට සුදුදුකම් ලබාගත්තේය. අවසන් පූර්ව තරගයේදී තත්පර 26.52 ක කාලයක් වාර්තා කළද, එහිදී අකලංකට 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.

තරගය නිමි කාලය අනුව අවසන් පූර්ව වටයට සහභාගි වූ ක්‍රීඩකයන් 16 දෙනා අතරින් අකලංකට හිමිවූයේ 10 වැනි ස්ථානයයි.

පිරිමි මීටර් 200 සමනල ආර ඉසව්වට සහභාගි වූ චෙරන්ද ද සිල්වාට (විනාඩි 2:08.71) මෙන්ම කාන්තා මීටර් 50 සමනල ආර ඉසව්වට සහභාගි වූ දිල්රුක්ෂි පෙරේරාට (මිනිත්තු 29.81) ද එම ඉසව්වල මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවූහ.


ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ ඉසව්  

■    පිරිමි මීටර් 100 නිදහස් ආර සහාය ඉසව්ව (අවසන් පූර්ව වටය)
10 වැනි ස්ථානය - මැතිව් අබේසිංහ (තත්පර 49.43)

■    පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්ව (අවසන් පූර්ව වටය)
10 වැනි ස්ථානය - අකලංක පීරිස් (තත්පර 26.52)

■    පිරිමි මීටර් 100 නිදහස් ආර සහාය ඉසව්ව (මූලික වටය)
2 වැනි ස්ථානය - මැතිව් අබේසිංහ (තත්පර 49.11)
8 වැනි ස්ථානය - කයිල් අබේසිංහ (තත්පර 52.20)
8 වැනි ස්ථානය - චෙරන්ත ද සිල්වා (තත්පර 52.08)

■    පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්ව (මූලික වටය)
4 වැනි ස්ථානය - අකලංක පීරිස් (තත්පර 26.83)

■    පිරිමි මීටර් 200 සමනල ආර ඉසව්ව (මූලික වටය)
7 වැනි ස්ථානය - චෙරන්ත ද සිල්වා (මිනිත්තු 2:08.71)

■    කාන්තා මීටර් 50 සමනල ආර ඉසව්ව (මූලික වටය)
7 වැනි ස්ථානය - දිල්රුක්ෂි පෙරේරා (තත්පර 29.81)

 

IN(68)

අකලංක පීරිස්

(ඡායාරූපය - ඒ.එෆ්.පී.)

- 036

 

 


අදහස් (0)

මැතිව්ට අවසන් තරගය මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.