ඕස්ටේ‍්‍රලියානු පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල්ගේ ප‍්‍රහාරාත්මක පිතිහරඹයෙන් උපරිම ප‍්‍රයෝජන ලබමින් සිටින කිංග්ස් XI පන්ජාබ් පිල මෙවර අයි. පී. එල්. තරගාවලියේ 36 වැනි තරගය අවසන් වන විට ශූද්ධ ලකුණු වේගය අනුව පළමු ස්ථානය හිමිකරගෙන සිටියි. චෙන්නායි සුපර් කිංග්ස් පිල දෙවැනි ස්ථානයේ පසු වෙයි.
තරගාවලියේ පළමු තරගයේදීම චෙන්නායි පිල හමුවේ ලකුණු 95 ක් ලබාගත් ග්ලෙන් මැක්ස්වෙල් ඊළග තරගයේදී රාජස්ථාන් රෝයල්්ස් පිලට එරෙහිව ලකුණු 89 ක් ලබාගත් අතර තුන්වැනි තරගයේදී හයිද්‍රාබාද් පිලට එරෙහිව ලකුණු 95 ක් ලබාගත්තේය.
චෙන්නායි පිලට එරෙහිව මුහුණ දුන් දෙවැනි තරගයේදීත් ලකුණු 90 ක් ලබාගන්නා මැක්ස්වෙල් තරග 9 කදී අර්ශ ශතක 4 ක් සමගින් ලකුණු 474 ක් ලබා සිටී. ඕස්ටේ‍්‍රලියානු විස්සයි20 පිලේ නායක ජෝජ් බේලි කිංග්ස් ඃ, පන්ජාබ් පිල මෙහෙයවයි.
චෙන්නායි පිල නියෝජනය කරන ඞ්වේන් ස්මිත්ද තරග 9 කදී අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 396 ක් ලබාගනිමින් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි නායකයා ලෙස කටයුතු කරන චෙන්නායි සුපර් කිංග්ස් පිල ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ගෙනැවිත් තිබේ.
දෙපිලම ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා සිටින නමුත් කිංග්ස් ඃ, පන්ජාබ් පිල +1.025 ක ශූද්ධ ලකුණු වේගයක් පවත්වා ගැනීම නිසා පළමු ස්ථානය හිමිවිය. චෙන්නායි පිලේ ශූද්ධ ලකුණු වේගය +0.608 කි.
ෂේන් වොට්සන් මෙහෙයවන රාජස්ථාන් රෝයල්ස් පිල තරග 6 ක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 12 ක් සමගින් තෙවැනි ස්ථානයේ පසු වෙයි. සියලූම කණ්ඩායම් මේ වන විට තරග නවයකට සහභාගි වී ඇති අතර සෑම කණ්ඩායමකටම තවත් තරග පහක් බැගින් ඉතිරි වී තිබේ.
එංගලන්ත පිලේ හිටපු ප‍්‍රවේගකාරි පිතිකරු කෙවින් පීටර්සන් මෙහෙයවන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල තරග 7 ක් පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණු 4 ක් සමගින් අවසන් ස්ථානයේ පසු වන අතර ඉතිරි තරග පහ ජය ලැබූව ද දිල්ලි පිලට අවසන් වටයට පැමිණීමට අවස්ථාව නොමැත.
පළමු වටයේ තරග 56 ක් පැවැත්වෙන අතර ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන අතර පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ පළමු සහ දෙවැනි ස්ථාන අතර තරගයේ පරාජය වූ කණ්ඩායම අතර තරගයෙන් ජය ලබන කණ්ඩායම දෙවැනි කණ්ඩායම ලෙස අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.
අවසන් මහ තරගය ජූනි මස 01 වැනිදා බැංගලෝර්හි චින්නස්වාමි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ප‍්‍රසාද ලකුණු පුවරුව
| කණ්ඩායම | ත | ජ | ප | ස | වි.නැ. | ප‍්‍ර.ල | ශු.ල.වේ |
| කිංග්ස් XI පන්ජාබ් | 9 | 7 | 2 | 0 | 0 | 14 | 1.025 |
| චෙන්නායි සුපර් කිංග්ස් | 9 | 7 | 2 | 0 | 0 | 14 | 0.608 |
| රාජස්ථාන් රෝයල්ස් | 9 | 6 | 3 | 0 | 0 | 12 | 0.25 |
| කොල්කටා නයිට් රයිඩර්ස් | 9 | 4 | 5 | 0 | 0 | 8 | 0.007 |
| සන්රයිසර්ස් හයිද්‍රාබාද් | 9 | 4 | 5 | 0 | 0 | 8 | -0.258 |
| මුම්බායි ඉන්දියන්ස් | 9 | 3 | 6 | 0 | 0 | 6 | -0.346 |
| රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | 9 | 3 | 6 | 0 | 0 | 6 | -0.455 |
| දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් | 9 | 2 | 7 | 0 | 0 | 4 | -0.953 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.