Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාෂ්ගේ ශතකය ඕස්ට්‍රේලියාවේ ජය ඉක්මන් කරයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

මාෂ්ගේ ශතකය ඕස්ට්‍රේලියාවේ ජය ඉක්මන් කරයි

editorial - 2023 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර පූනේ නුවර මහරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාගංණයේදී අද (11 වැනිදා) පැවැති ‍එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 307 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ ඕවර 44.4 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ඉලක්කය සපුරාගත්හ.

එහිදී ප්‍රවේකාරී ඉනිමක් ක්‍රීඩා කළ මිචෙල් මාෂ් පන්දු 132 කදී හ‍යේ පහර 9 ක් සහ හතරේ පහර 17 ක් සමග නොදැවී ලකුණු 177 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. එය එක්දින ලෝක කුසලාන තරගයකදී ඕස්ට්‍රේලියානු පිතිකරුවකු රැස්කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද පත් විය.

ඩේවිඩ් වෝනර් (53) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 116 කදී ලකුණු 120 ක් එක්කළ මාෂ්, ඉන් නොනැවතී ස්ටීවන් ස්මිත් (නොදැවී 63) තෙවැනි කඩුල්ල සඳහා පන්දු 135 කදී ලකුණු 175 ක්ද එක්කරමින් ඕස්ට්‍රේලියාවේ ජය තහවුරු කළේය. වෝනර්ගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින්ද, ස්මිත්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 4 කින්ද සමන්විත විය. ‍‍

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 306 ක් ලබාගත් අතර බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තොව්හිද් රිඩෝයි පන්දු 79 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 74 ක් රැස්කළේය. නජ්මුල් හොසේන් පන්දු 57 කින් ලකුණු 45 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි.

 

බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 306
(ටැන්සිඩ් හසන් 36, ලිටන් දාස් 36, නජ්මුල් හොසේන් 45, තොව්හිත් රිඩෝයි 74, මහමදුල්ලා රියාද් 32, මුෂ්ෆකුර් රහීම් 21, මෙහෙදි හසන් 29, ෂොන් ඇබට් 61/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 44.4 කදී කඩුලු 2 ක් දැවී 307
(ඩේවිඩ් වෝනර් 53, මිචෙල් මාෂ් නොදැවී 177, ස්ටීවන් ස්මිත් නොදැවී 63)


අදහස් (0)

මාෂ්ගේ ශතකය ඕස්ට්‍රේලියාවේ ජය ඉක්මන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.