Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story භානුකගෙන් සවිමත් වූ පන්ජාබය ජයගනී
අයි.පී.එල් - 2023

භානුකගෙන් සවිමත් වූ පන්ජාබය ජයගනී

editorial - 2023 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 32 කින් ලකුණු 50 ක් ලබාගත් භානුක රාජපක්‍ෂගේ පිතිහරඹය නිසා පන්ජාබ් කිංග්ස් ක්‍රීඩකයෝ අද (01 වැනිදා) පැවැත්වෙන අයි.පී,එල්. තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජය කරමින්, ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 07 ක ජයක් අත්කර ගත්හ. 

පන්ජාබ් කිංග්ස් පිල නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 5 කට ලකුණු 191 ක් ලබාගත්තේය. ලකුණු 192 හඹා ගිය නමුත්, වර්ෂාව හේතුවෙන් ඕවර 16 කදී තරගය නතර කිරීමට පෙර කොල්කටා නයිට්රයිඩර්ස් ට ලබාගත හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 146 ක් පමණි. 

පන්ජාබ් පිලේ පළමු කඩුල්ල ලකුණු 23 දී බිඳ වැටිණ. එහෙත් ෂිකාර් ධවාන් (40) සමග එක්වූ භානුක, ඕවර 10 ක් නිමාවේදී 100 වැනි ලකුණත් පන්ජාබ් ලකුණු පුවරුවට එකතු කළේය. ධවාන් සහ භානුක අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 86 කි. ඒ වෙනුවෙන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 54 කට පමණි. 

කොල්කටා නයිට්රයිඩර්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන නවසීලන්ත නායක ටිම් සවුතී කඩුලු 2 ක් දවාගත් නමුත් ඔහුගේ ඕවර 4 න් ලකුණු 54 ක් උදුරා ගැනීමට පන්ජාබ් පිතිකරුවෝ සමත් වූහ. 

ලකුණු 192 ක ඉලක්කය කරා යාමේදී ඕවර 5 ක් ඇතුළත, ලකුණු 29 කට කඩුලු 3 ක් බිඳවැටීම නිසා කොල්කටා පිල මුලදීම අසරණ වූයේය. තම කණ්ඩායම ගොඩගැනීමට වෙන්කටේෂ් අයියර් (34) සහ ඔන්ඩි්‍ර රසල් (35) බලවත් උත්සාහයක් ගත් නමුත් දෙදෙනාගේම උත්සාහය ලකුණු 138 දී නතර වූයේ ලකුණු 8 ක් ඇතුළත දෙදෙනාම දැවී ගිය බැවිනි. 

කොල්කටා ජයග්‍රහණය සඳහා අවසන් ඕවර 5 න් ලකුණු 56 ක් අවශ්‍ය වී තිබිණ. 16 වැනි ඕවරයේදී ලකුණු 10 ක් ලබාගත් නමුත් බලවත්ම අවාසිය වූයේ අයියර්ගේ දැවී යාමයි. පන්දු 5 ක් ඇතුළත රසල් සහ අයියර් දෙදෙනාගේ දැවී යාම් හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් සටහනේදී කොල්කටා පිල පසුපසට වැටිණ. 

පන්ජාබ් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 191 යි
(ප්‍රභිසිම්රන් සිං 23, ෂිකාර් ධවාන් 40, භානුක රාජපක්‍ෂ 50, ජිතේෂ් ෂර්මා 21, සිකන්දර් රාසා 16, සෑම් කරන් නොදැවී 26, ෂාරුක් ඛාන් නොදැවී 11, ටිම් සවුති 54/2)

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 16 කදී කඩුලු 7 ක් දැවී 146
(රමනුල්ලා ගුර්බාස් 22, වෙන්කටේෂ් අයියර් 34, නිතිෂ් රානා 24, ඔන්ඩි්‍ර රසල් 35, අර්ශ්දීප් සිං 19/3)

- 213

ඡායාරූපය - අයි.පී.එල්. නිල වෙබ් අඩවියෙනි


අදහස් (0)

භානුකගෙන් සවිමත් වූ පන්ජාබය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.