Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බස්බෝල් ක්‍රිකට් පාරාවළල්ලක් වෙයි
එංගලන්ත ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

බස්බෝල් ක්‍රිකට් පාරාවළල්ලක් වෙයි

editorial - 2023 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

‘බස්බෝල්’ ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණ සඳහා මාවතක් වන නමුත් එහිදීම සිදුවන සියුම් අත්වැරදීමකදී කණ්ඩායම පරාජය කරා ඇදි යා හැකි බව ඔප්පු කර පෙන්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ක්‍රීඩකයෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තුන්දින පෙරහුරු තරගයේදී එංගලන්ත ‘ලයන්ස්’ කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කළහ. තරගයේ තුන්වැනි දිනය වූ අද (27 වැනිදා) ලකුණු 309 ක ඉලක්කයක් සාර්ථකව හඹා ගිය සභාපතිගේ පිතිකරුවෝ ඕවර 50.4 කදී ජයග්‍රහණය අත්පත් කරගත්හ.

මුල් ඉනිමේදී ලකුණු 58 ක වාසියක් ලබා සිටියද, දෙවැනි ඉනිමේදීත් ප්‍රචණ්ඩකාරී පිතිහරඹය ම තෝරාගත් ලයන්ස් පිතිකරුවෝ ඕවර 26.4 කදී ලකුණු 151 කට කඩුලු 8 ක් අහිමි කරගත්හ. එහෙත් ජැක් හේන්ස් (51) සහ ජොස් බොහානන් (50) එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක් එක්කළ බැවින් සභාපතිගේ පිලට ලකුණු 309 ක ඉලක්කයක් ලැබිණ.

සභාපතිගේ පිලේ දෙවැනි ඉනිමට විශිෂ්ට ආරම්භයක් දුන් ලසිත් කෘස්පුල්ලේගේ පන්දු 84 කින් ලකුණු 116 ක් ලබාගත්තේය. ඔහුගේ ලකුණු 116 න් ලකුණු 90 ක්ම හතරේ (15) සහ හයේ (5) පහර විය. කෲස්පල්ලේ දුන් ආරම්භයෙන් අනගි ප්‍රයෝජන ගත් ජනිත් ලියනගේ සහ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 52) දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 73 ක් එක් කරමින් ජයග්‍රහණය පෙනෙන මානයට සභාපතිගේ පිල කැඳවාගෙන ආහ. එතැන් සිට පසුපස නොබැලූ දුෂාන් හේමන්ත, පන්දු 14 කින් ලකුණු 23 ක් ලබාගනිමින්, සූරියබණ්ඩාර හා එක්ව සභාපතිගේ කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.


එංගලන්ත ලයන්ස් - පළමු ඉනිම කඩුලු 8 ට 413 යි
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 9 ට 355 යි
එංගලන්ත ලයන්ස් - දෙවැනි ඉනිම 250 යි

(ඇලෙක්ස් ලීස් 27, ටොම් හේන්ස් 13, ලින්ඩන් ජේම්ස් 17, ලයාම් පැටර්සන්-වයිට් 26, ඔලී රොබින්සන් 39, ජැමී ස්මිත් 13, ජැක් හේන්ස් 51, ජොස් බොහානන් 50, ඉසිත විජේසුන්දර 16/2, සහන් ආරච්චිගේ 50/2)

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම - දෙවැනි ඉනිම කඩුලු 6 ට 309
(ලසිත් කෲස්පුල්ලේ 116, ළහිරු උදාර 25, සහන් ආරච්චිගේ 22, ජනිත් ලියනගේ 42, දුනිත් වෙල්ලාලගේ 19, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 52, දුෂාන් හේමන්ත නොදැවී 23, ජැක් කාසන් 72/2)

 


අදහස් (0)

බස්බෝල් ක්‍රිකට් පාරාවළල්ලක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.