සංචාරක ඉන්දීය පිල සහ බංග්ලාදේශ පිල අතර ෆාටුල්ලාහිදී පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (13) වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 111 ක් රැස්කර සිටියේය.
දිනය අවසන් වන විට ඉම්රුල් කායිස් (නොදැවී 59) සහ ශකීබ් අල් හසන් (නොදැවී 0) පන්දුවට පහර දෙමින් සිටියහ.
තෙවැනි දිනය අවසන් වන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 462 ක් රැස්කර සිටි ඉන්දීය පිල අද දිනයේ පන්දුවට පහර නොදී ඉනිම අත්හිටුවීය.
අද දිනයේ ද තරගයට සිවුවරක් වර්ෂාවෙන් බාධා ඇති වූ අතර යැවිය හැකි වූයේ ඕවර 30.1 ක් පමණි. තරගයේ දෙවැනි දිනය ද වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය.
ඉන්දීය පිල පළමු ඉනිම ඕවර 103.3 කදී කඩුලූ 6 ට 462
(මුරලි විජේ 150, ශීකර් දාවන් 173, විරාට් කෝලි 14, අජින්‍යා රහනේ 98, ශකීබ් අල් හසන් 105/4, ජුබායිර් හොසේන් 113/2)
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 30.1 කදී කඩුලූ 3 ට 111
(තමීම් ඉක්බාල් 19, ඉම්රුල් කායිස් නොදැවී 59, මොමිනුල් හක් 30, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 30/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.