Last Update  :  2026-04-19 16:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ජා ඇල ක්‍රිස්තුරාජ - හික්කඩුව ශ්‍රී සුමංගල අවසන් තරගය හෙට සිට
19න් පහළ ක්‍රිකට්

ජා ඇල ක්‍රිස්තුරාජ - හික්කඩුව ශ්‍රී සුමංගල අවසන් තරගය හෙට සිට

editorial - 2026 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ‘බී’ තලයේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය 20දා (සඳුදා) ඇරඹේ. පාසල් කණ්ඩායම් 18ක් අතුරින් අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගත් අවිෂ්ක නිර්මාල්ගේ නායකත්වයෙන් යුත් ජා-ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයත් චමත්ක කවිෂාන්ගේ නායකත්වයෙන් යුත් හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයත් තරග වදිති.

තරගාවලියේ අවසන් මහ තරගය 20, 21 සහ 22 යන තෙදින පුරා කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම දෙදින තරගාවලියේ පළමු වටයේදී කාණ්ඩ 2ක් යටතේ තරග වැදුණි. කෝට්ටේ ජනාධිපති විද්‍යාලය (ඒ 1), කෑගලු විද්‍යාලය (ඒ 2), බලපිටිය රේවත විද්‍යාලය (ඒ 3) සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය (ඒ 4) යන කණ්ඩායම් 'ඒ' කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.

ජා-ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය (බී1), හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය (බී2), අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න මහා විද්‍යාලය (බී3) සහ කෝට්ටේ සී එම් එස් ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය (බී4) ‘බී’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.

අර්ධ අවසන් පූර්ව වටයේදී ජා-ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය විසින් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. අවසන් පූර්ව වටයේදී කෑගලු විද්‍යාලය පරදවමින් ජා-ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය  අර්ධ අවසන් පූර්ව වටයේදී කෝට්ටේ සී එම් එස් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය. අවසන් පූර්ව වටයේදී බලපිටිය රේවත විද්‍යාලය පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

 

ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයීය සංචිතය:

අවිෂ්ක නිර්මාල් (නායක), විශ්මිත ආලෝක්, රයන් සචින්ත, ප්‍රමෝද් චතුරංග, ප්‍රමෝද් චාමික, දිනේන්ද්‍ර රෂේන්, ළහිරු ලක්මාල්, සයුර ආකාෂ්, හෙලි අංජල, විහඟ දිළුම්, චනිඳු වෙනුසර,  ෂෙවෝන් විහඟ, අමීෂ සත්සර, සිඩෑන් සදුල්ක සහ ජනිරු විදුරංග.

උපුල් බස්නායක (ක්‍රිකට් භාර ආචාර්ය), අශාන් ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු), ජූඩ් රොෂාන් (සහාය පුහුණුකරු)

 

හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයීය සංචිතය:

චමත්ක කවිෂාන් (නායක), තරුන් දම්සිත්, ශානුක දෙනුවන්, කෞශල්‍ය සාරංග, පමෝද් නිම්සර, සංජන නෙතුපුල්, චමුදු ධනංජය, ලතීන්ද්‍ර ආකාෂ්, ජමිත් මධුභාෂණ, රවිඳු දිල්සර, දිනෙත් ඕෂධ, ගිනෝද් රොමාල්, ගීනුක රොමාල්, සඳරු සමරනායක, සාරද මධුසංඛ, ශක්තිවේල් සංජයන්, පවනි නිරුක්ෂාන්, ඉසුඳු නෙත්සර සහ මාතන් සුජින්තරන්.

කැළුම් ප්‍රියදර්ශන (ක්‍රිකට් භාර ආචාර්ය), ලක්මාල් දිසානායක (ප්‍රධාන පුහුණුකරු), නාලක ජයවර්ධන (සහාය පුහුණුකරු) 


අදහස් (0)

ජා ඇල ක්‍රිස්තුරාජ - හික්කඩුව ශ්‍රී සුමංගල අවසන් තරගය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.