Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශ ‘ඒ’ - කඩුලු 6 ට 270

බංග්ලාදේශ ‘ඒ’ - කඩුලු 6 ට 270

editorial - 2019 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) ආරම්භවූ පළමු නිලනොවන ටෙස්ට් තරගය පළමු දිනට අවසන් කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 270 ක් රැස්කිරීමට සමත්විය.

පිත්තෙන් දස්කම් දැක්වූ ජහුරුල් ඉස්ලාම්, ශද්මන් ඉස්ලාම් සහ මොහොමඞ් මිතුන් අර්ධ ශතක ලබාගනිමින් පළමු දිනයේ වැඩි වාසි බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට ලබාදීමට සමත්වූහ.

ශතකය ආසන්නයට පැමිණි ජහුරුල් ඉස්ලාම් ලකුණු 90 ක් ලබාසිටියදී විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගිය අතර මොහොමඞ් මිතුන් ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවන විට ලකුණු 92 ක් රැස්කර සිටියේය.

ශද්මන් ඉස්ලාම් සමගින් පළමු කඩුල්ලට ලකුණු 90 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ජහුරුල් ඉස්ලාම් මන්දගාමී ලකුණු රැස්කිරීමක නිරත වනවිට අනෙක් අන්තයේ කඩුලු 2 ක් ලකුණු 14 ක් තුළ දැවී ගියේය. තරමක් පසුබැසි බංග්ලාදේශ ‘ඒ’ ඉනිම නැවතත් ගොඩනැගූ ජහුරුල් ඉස්ලාම් සහ මොහොමඞ් මිතුන් සිවුවැනි කඩුල්ලට ලකුණු 137 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

බංග්ලාදේශ ‘ඒ’ පිලේ ලකුණු පුවරුව 253 ක් ලෙස සටහන් වනවිට සිවුවැනි කඩුල්ල ලෙස මොහොමඞ් මිතුන් දැවීයාමෙන් පසුව ලකුණු 7 ක් තුල තවත් කඩුලු 2 ක් දවාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පන්දු යවන්නෝ සමත්වූහ.
බංග්ලාදේශ ‘ඒ’ පිලේ පිතිකරුවන් මෙල්ල කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායක අෂාන් ප්‍රියංජන් පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත්තද සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඔව්හු අපොහොසත් වූහ.


බංග්ලාදේශ ‘ඒ’ පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 270
(ජහුරුල් ඉස්ලාම් 90, ශද්මන් ඉස්ලාම් 53, මොහොමඞ් මිතුන් 92, රමේෂ් මෙන්ඩිස් 43/2)

...


අදහස් (0)

බංග්ලාදේශ ‘ඒ’ - කඩුලු 6 ට 270

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.