Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශ යොවුන් කාන්තාවෝ කඩුලු 5 කින් දිනති

බංග්ලාදේශ යොවුන් කාන්තාවෝ කඩුලු 5 කින් දිනති

editorial - 2024 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේදී පැවැත්වෙන වයස 19 න් පහළ තුන්කොන් විස්සයි-20 තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා කණ්ඩායම පරදවා බංග්ලාදේශ යොවුන් කාන්තාවෝ කඩුලු 5 ක පහසු ජයක් අත්කර ගත්හ.

මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ යොවුන් කාන්තාවෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනිමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 95 කට සීමා කළහ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩිකාවකට ලබාගත හැකිවූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ රශ්මි නේත්‍රාංජලී පන්දු 23 කින් ලබාගත් ලකුණු 21 යි. 

ලකුණු 96 ක පහසු ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවෝ ප්‍රහාරාත්මක ඕවර 6 න් ලකුණු 31 ක් ලබාගත්හ. එතැන් සිට ආපසු නොබැලූ සත්කාරක ක්‍රීඩිකාවෝ ඕවර 1.3 ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්හ. 

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සහ පාකිස්තානු යොවුන් කාන්තා කණ්ඩායම අතර තරගය අද (25 වැනිදා) පැවැත්වෙයි. 

ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තාවෝ - ඕවර 20 කදී - කඩුලු 9 ට 95 යි
(විශ්මි ගුණරත්න 19, මනුදි නානායක්කාර 10, රශ්මි නේත්‍රාංජලී 21, නිශිතා අක්තාර් නිශී 19/3, රබේයා 13/3)
බංග්ලාදේශ 19 න් පහළ කාන්තාවෝ - ඕවර 18.3 කදී - කඩුලු 5 ට 96 යි
(සුමියා අක්තාර් සුබෝනා 14, මාස්ට් එවා 27, අෆියා අසීමා 27, ශශිනි විජේරත්න 22/3)

- 213


අදහස් (0)

බංග්ලාදේශ යොවුන් කාන්තාවෝ කඩුලු 5 කින් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.