Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අද (7 වැනිදා) අවසන් විය. ඒ අනුව තරග 2 කින් සමන්විත තරගාවලිය 0-0 ක් ලෙස සමවිය.
තරගයේ සිවුවැනි සහ අවසන් දිනය වූ අද තරගය නතර කරනවිට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 357 ක් රැස්කර සිටියේය.
ඊයේ දිනය අවසන් වනවිට ලකුණු 75 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳීසිටි පැතුම් නිස්සංක ඉතා අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවීම හේතුවෙන් ද්විත්ව ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාව ඔහුට මගහැරී ගියේය. පන්දු 307 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි පැතුම් නිස්සංක හයේ පහරක් සහ හතරේ පහර 20 කින් සිය ඉනිම අලංකාර කරමින් ලකුණු 192 ක් ලබාගත්තේය.
පැතුම් නිස්සංකට අනගි සහයක් දුන් සංගීත් කුරේට ඊයේ දිනයේදී රැස්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 39 ක් පමණි. රිෂාඞ් හුසේන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නුරුල් හසන් අතට උඩපන්දුවක් ලබාදීම හේතුවෙන් ලකුණු 89 ක් රැස්කර සිටි සංගීත් කුරේට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. පන්දු 188 ක් පුරා කඩුල්ලේ රැඳීසිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් විය.
සංගීත් කුරේ සමගින් පළමු කඩුල්ල සඳහා ලකුණු 219 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ පැතුම් නිස්සංක ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල සඳහා කමිඳු මෙන්ඩිස් සමගින් එක්ව තවත් ලකුණු 132 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
තෙවැනි දිනය වූ ඉරිදා (6 වැනිදා) තරගය නතර කරනවිට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 126 ක් රැස්කර සිටියේය. බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමේ නායක මොමිනුල් හක් පන්දු යවන්නන් 6 දෙනෙකු යොදගත්තද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පිතිකරුවන්ට පීඩනයක් එල්ල කිරීමට ඔවුන් අසමත් වූහ.
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - සියලුදෙනා දැවී 268
බංග්ලාදේශ ‘ඒ’ පළමු ඉනිම - සියලුදෙනා දැවී 330
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 357
(පැතුම් නිස්සංක 192, සංගීත් කුරේ 89, කමිඳු මෙන්ඩිස් නොදැවී 64)
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.