Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපැදි සම්මේලනයේ හිටපු ප්‍රධානීන් තිදෙනාටම ඇප

පාපැදි සම්මේලනයේ හිටපු ප්‍රධානීන් තිදෙනාටම ඇප

editorial - 2023 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පොදු දේපළ පනත උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සතු පාපැදි කිහිපයක් තමන් සන්තකයේ තබා ගැනීම පිළිබඳව චෝදනා ලබා නඩු පවරන ලද එහි හිටපු ප්‍රධානීන් තිදෙනකුට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තීරණය කළේය. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චි මහතා කළ පැමිණිල්ලකට අනුව කුරුඳුවත්ත පොලිසිය පැවරූ නඩුවක් විභාගයට කැඳවමින් අධිකරණය ඔවුන්ට ඇප නියම කළේය.

පාපැදි සම්මේලනයේ සභාපති ධුරය දැරූ අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න, එහි ප්‍රධාන ලේකම් ධුරය දැරූ නිහාල් කුලසේකර හා භාණ්ඩාගාරික ධුරය දැරූ සේනක රණසිංහ යන මහත්වරුන්ට ඇප ලබාදීමට අධිකරණය කටයුතු කළේය.

පොදු දේපළ පනත උල්ලංඝනය කිරීමේ චෝදනා ලබා උසාවියට ඉදිරිපත් කරනු ලබන වගඋත්තරකරුවන්ගේ ඇප අයදුම්පත් ප්‍රතික්ෂේප කළ හැකි වුවත්, චෝදනාලාභී හිටපු නිලධාරීන් තිදෙනා තවදුරටත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ කටයුතු කරන නීත්‍යනුකූල ප්‍රධානීන් ලෙස ජාතික ඔලිම්පික් කමිටුව හා අන්තර්ජාතික පාපැදි සම්මේලනය නිල වශයෙන් පිළිගන්නා බවට ඔවුන්ගේ නීතිඥවරුන් වන හර්ෂණ නානායක්කාර හා නිකිණි මාපිටිගම යන මහත්ම මහත්මීන් පෙන්වා දීමෙන් පසුව ඔවුන්ට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේය.

මෙම නඩුව නැවත මාර්තු 20 වැනිදා කැඳවීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ 2022 අප්‍රේල් 6 වැනිදා අවසන් වරට පැවැති පාපැදි සම්මේලනයේ නිලවරණයේදී (2022-23) සභාපති ධුරයට පත්වූයේ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාය. එහෙත් අමල් හර්ෂ ද සිල්වා මහතා, පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වූ හෙයින්  ඔහු ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.

පාපැදි සම්මේලනයේ නිලවරණයෙන් පත්ව, මේ දක්වා කටයුතු කරමින් සිටින විධායක සභාව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පිළිගන්නා නමුදු, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීත්‍යනුකූල පාපැදි පරිපාලන ඒකකය ලෙස තවදුරටත් හිටපු නිලධාරීන්ගේ පාර්ශ්වය පිළිගන්නා බව ජාතික ඔලිම්පික් කමිටුව හා අන්තර්ජාතික පාපැදි සම්මේලනය ප්‍රකාශ කර ඇත.


අදහස් (0)

පාපැදි සම්මේලනයේ හිටපු ප්‍රධානීන් තිදෙනාටම ඇප

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.