Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 10 ක් පුරා එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් පරාජය වී නැති පාකිස්තාන කණ්ඩායම, සිය අපරාජිත බව තවදුරටත් රැකගැනීමේ අරමුණින් අද (21 වැනිදා) සදම්ප්ටන්හිදී තරග බිමට පිවිසෙයි. එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය මෙයයි.
දෙටර අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්තය සමත් වූ අතර දෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. අධික වර්ෂාව හේතුවෙන් දෙවැනි තරගයේ දින 5 පුරා කණ්ඩායම් දෙකටම යැවීමට හැකි වූයේ ඕවර 134.3 ක් පමණි. ඒ අනුව එංගලන්තය 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණේ පසුවෙයි.
ඒ හේතුවෙන් තෙවැනි ටෙස්ට් තරගයේ සෑම දිනයකම ක්‍රීඩාව පැය භාගයක් වේලාසනින් ආරම්භ කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ආරම්භ කෙරෙන සාමාන්‍ය වේලාව පෙරවරු 11.00 වුවත්, පස්වරුව වන විට වර්ෂාවත් සමග ඇතිවන මන්දාලෝක තත්වය නිසා මෙලෙස වේලාසනින් ක්‍රීඩාව ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකම කිසිදු වෙනස්කමකින් තොරව අද තරගයටද ක්‍රීඩා කරනු ඇතැයි බොහෝ ක්‍රිකට් විචාරකයෝ මත පළ කරති. ඒ අනුව මෙම තරගයේදීද එංගලන්ත වේග පන්දු බලඇණියේ ප්‍රධාන පුරුකක් වන ජොෆ්රා ආචර්ට විවේකාගාරයේ සිට තරගය නැරඹීමට සිදුවනු ඇත.
පෞද්ගලික හේතුවක් මත පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව විශේෂ අවසරයක් ලබා කණ්ඩායමෙන් ඉවත්ව ගිය තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ගේ සේවය මෙම තරගයේදීද එංගලන්ත කණ්ඩායමට අහිමිවනු ඇත. ස්ටෝක්ස් වෙනුවට දකුණත් පිතිකරු ඔලී පෝප් පස්වැනි පිතිකරුවා ලෙස එංගලන්ත කණ්ඩායමට ඇතුළත්ව සිටියි.
වසර 10 කට පසුව යළිත් පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමිකරගත් ෆාවඞ් අලාම් එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගැනීමට අසමත් විය. 2010 වසරේ නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළ තරගයට පසුව ඔහුට පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමිවූයේ මෙම තරගාවලියේ දෙවැනි තරගයේදීදය. එහිදී පන්දු 4 කට පමණක් මුහුණදුන් අලාම් ලකුණු නොලබා දැවී ගියේය. ඒ අනුව අද තරගයේදී ඔහු කණ්ඩායමට ඇතුළත් වීම තරමක් සැක සහිතය.
එංගලන්ත සංචිතය
ජෝ රූට් (නායක), රෝරි බර්න්ස්, ඩොමිනික් සිබ්ලි, සැක් ක්‍රෝව්ලි, ඔලී පෝප්, ජොස් බට්ලර්, ක්‍රිස් වෝක්ස්, සෑම් කරන්, ඩොමිනික් බේස්, ස්ටුවට් බ්‍රෝඞ්, ජේම්ස් ඇන්ඩසන්, ජොෆ්රා ආචර්, ඔලී රොබ්න්සන් සහ මාක් වුඞ්
පාකිස්තානු සංචිතය
අසාර් අලී (නායක), ශාන් මසූද්, අබීඞ් අලී, බාබර් අසාම්, අසාද් ශෆීක්, ෆාවඞ් අලාම්, මොහොමඞ් රිස්වාන්, යසීර් ෂා, මොහොමඞ් අබ්බාස්, ශහීන් අෆ්රිඩි, නසීම් ෂා, ශදාබ් ඛාන්, ඉමාම් උල්හක්, සර්ෆරාස් අහමඞ් සහ සොහේල් ඛාන්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.