Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය ලෝක කුසලාන‍යෙන් ඉවතට
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

පාකිස්තානය ලෝක කුසලාන‍යෙන් ඉවතට

editorial - 2023 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එංගලන්තය සහ පාකිස්තානය අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 93 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග පාකිස්තානයට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවසන් අවස්ථාවත් අහිමිවී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 338 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තනයට ඕවර 43.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 244 ක් පමණි. පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත් වූ ආගා සල්මාන් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 51 ක් රැස්කළේය. මුලු ලකුණු සංඛ්‍යාව 2 ක්ව තිබියදී පාකිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනම පිටියෙන් ඉවත් කිරීමට ඩේවිඩ් විලී සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 337 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ටෝ (59), ජෝ රූට් (60) සහ බෙන් ස්ටෝක්ස් (84) අර්ධ ශතක ලබාගනිමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 76 කට මුහුණදුන් ස්ටෝක්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය.

රූට් සමග එක්ව එංගලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 131 කදී ලකුණු 132 ක සම්බන්දතාවක් ගොඩනැගීමටද ස්ටෝක්ස් සමත් වූ අතර පන්දු 72 කදී වාර්තා වූ රූට්ගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය. ඩේ‍විඩ් මැලන් (31) සහ බෙයාස්ටෝ එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 81 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් පිහිටුවමින් එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

 

එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 337
(ඩේවිඩ් මැලන් 31, ජොනී බෙයාස්ටෝ 59, ජෝ රූට් 60, බෙන් ස්ටෝක්ස් 84, ජොස් බට්ලර් 27, හැරී බෘක් 30, හාරිස් රවුෆ් 64/3, ශහීන් අෆ්රිඩි 72/2, මොහොමඩ් වසීම් 74/2)

පාකිස්තානය - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 244 
(බාබර් අසාම් 38, මොහොමඩ් රිස්වාන් 36, සෞද් ශකීල් 29, ආගා සල්මාන් 51, ශහීන් අෆ්රිඩි 25, මොහොමඩ් වසීම් නොදැවී 16, හාරිස් රවුෆ් 35, ඩේවිඩ් විලී 56/3, ගුස් ඇට්කින්සන් 45/2, ආදිල් රෂිඩ් 55/2, මුයින් අලී 60/2)


අදහස් (0)

පාකිස්තානය ලෝක කුසලාන‍යෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.