Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී අද (30) පැවැති දෙවැනි තරගයෙන් (දිවා/රාත්‍රී) පාකිස්තානු ක්‍රීඩකයෝ ලකුණු 67 ක ජයක් ලැබූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 306 ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 46.5 කදී ලකුණු 238 කට සීමාවිය.
වමතින් වේග පන්දු යවන උස්මාන් ශින්වාරි, ශ්‍රී ලංකා ඉනිමේ විනාශකරු බවට පත්වෙමින් ලකුණු 51 කට කඩුලු 5 ක් දවාගත්තේය.
ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක හයවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 177 ක සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා පිල හිස එසවීය.
මෙම සම්බන්ධතාව සමඟ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හයවැනි කඩුල්ලේ ඉහළතම සම්බන්ධතාවයේ වසර 11 ක් පැරණි වාර්තාව බිඳ වැටුණි.
චාමර සිල්වා සහ චාමර කපුගෙදර 2008 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව හයවැනි කඩුල්ලට ලකුණු 159 ක සම්බන්ධතාවක් පවත්වමින් පැරණි වාර්තාවට හිමිකම් කීහ.
දසුන් ශානක පන්දු 80 කින් ලකුණු 68 ක් රැස්කළේය. එයට හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.
ෂෙහාන් ජයසූරිය පන්දු 109 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 96 ක් ලබා සිටියදී හයවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. මෙය ෂෙහාන්ගේ පළමු එක්දින අර්ධ ශතකය වේ.
ශ්‍රී ලංකා ඉනිමේදී දෙවරක් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය විසන්දිවීමෙන් මිනිත්තු 10 ක පමණ කාලයක් තරගය අත්හිටුවා තැබීය.
ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් පස්දෙනාම ලකුණු 28 ක් තුළ ක්‍රීඩාගාරයේ අසුන්ගැනීමෙන් අමාරුවේ වැටුණි.
සදීර සමරවික්‍රම ලකුණු 6 ක් ලබා සිටියදී වේග පන්දු යවන උස්මාන් ශින්වාරි පන්දුවක් කෙළිම්ම කඩුල්ලේ වැදීමෙන් පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
පාකිස්තානු පිතිකරුවෝ අවසන් ඕවර 10 යේදී ලකුණු 89 ක් රැස්කිරීමෙන් ලකුණු 305 ක් දක්වා පැමිණියේය. නුවන් ප්‍රදීප් යැවූ අවසන් ඕවරයට ලකුණු 20 ක් පාකිස්තානයට එකතු විය.
බාබර් අසාම් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 105 කින් ලකුණු 115 ක් රැස්කිරීමෙන් පාකිස්තානයට මෙම විශාල ලකුණු සංඛ්‍යාවට ඒමට මඟ පෑදුණි. බාබර් අසාම්ගේ 11 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය හතරේ පහර 8 කින් සහ හයේ පහර 5 කින් වර්ණවත් විය.
බාබර් අසාම් සහ හැරිස් සොහෙල් තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 111 ක සම්බන්ධතාවයෙන් පාකිස්තානු පිල වඩාත් ශක්තිමත් විය.
ආරම්භක පිතිකරු ෆඛාර් සමාන් පන්දු 65 කින් හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 54 ක් රැස්කිරීමට සමත් විය.
ඉමාම් උල් හක් ලකුණු 31 ක් ලබා සිටියදී වනිඳු හසරංගගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
විනිඳු හසරංග කඩුලු දෙකක් දවාගත්ත ද වනිඳු යැවූ ඕවර 10 ට ලකුණු 63 ක් රැස්කර තිබුණි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ නිත්‍ය පිතිකරුවන් ලෙස ළහිරු තිරිමාන්න, ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිෂ්ක ප්‍රනාන්දු සහ ඕෂද ප්‍රනාන්දු කැඳවා සිටියහ.
ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, ඉසුරු උදාන සහ වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අතර පිට දඟ ෂෙහාන් ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළේය.
ෂෙහාන් සිය ඕවර 10 නිලකුණු ඕවයක් සමගින් ලකුණු 48 කට සම්පූර්ණ කළේය.
පාකිස්තානු පිලේ නායක සෆ්රාස් අහ්මඞ් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.