Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත වූ එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට අද (02) සමත් වූහ. කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් (දිවා/රාත්‍රී) පාකිස්තානු පිල කඩුලු 5 ක පහසු ජයක් ලැබීය.
පාකිස්තානු පිල ලකුණු 298 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 48.2 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
හැරිස් සොහෙල් පන්දු 50 කින් රැස්කළ ලකුණු 56 ශ්‍රී ලංකා පිල ජයග්‍රහණයෙන් ඈත් කළේය.
ළහිරු කුමාර යැවූ ඉනිමේ 46 වැනි ඕවරයට ලකුණු 18 ක් එකතු වීමෙන් පාකිස්තානයට ඉලක්කය පහසු විය.
ෆඛාර් සමාන් පන්දු 91 කින් ලකුණු 76 ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
අබීද් අලී පන්දු 67 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 74 ක් රැස්කර සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
ෆඛාර් සමාන් සහ අබීද් අලී පන්දු 117 කින් ගොඩනැගූ ලකුණු 123 ක ආරම්භක සම්බන්ධතාවයෙන් තරගයේ වාසිය පාකිස්තානයට නතුවිය.
දසුන් ශානක අවසන් ඕවර කීපයේදී ක්‍රියාත්මක කළ වේගවත් පිතිහරඹයෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 297 ක් දක්වා ඒමට මඟ පෑදුණි. දසුන් පන්දු 24 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 43 ක් රැස්කිරීමට සමත් විය.
වහබ් රියාස් යැවූ ඉනිමේ අවසන් ඕවරයේ පළමු පන්දු දෙකට දසුන් අලංකාර හතරේ පහර දෙකකින් සංග්‍රහ කර තිබියදී තෙවැනි පන්දුවට කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහ්මඞ් උඩ පන්දුවක් රැකගැනීමෙන් දසුන් දැවී ගියේය.
එම පන්දුව සීමා ඉර ඉක්මවා ගිය නිපන්දුවක් ලෙස පුනරූපන සනාථ කිරීමෙන් දසුන්ට තව දුරටත් පන්දුවට පහරදීමේ අවස්ථාව උදාවූ අතර අවසන් පන්දුවේදී දැවී ගියේය.
ධනුෂ්ක ගුණතිලක කාලයකට පසුව හොඳ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 134 කින් ලකුණු 133 ක් රැස්කළේය. ධනුෂ්කගේ ඉනිම හතරේ පහර 16 කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. මෙය ධනුෂ්කගේ දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකයයි.
කෝඩුකාර මිනෝද් භානුක පළපුරුදු පිතිකරුවකු මෙන් පන්දුවට පහරදීම කැපී පෙනුණි. මිනෝද් පන්දු 39 කදී හයේ පහර දෙකක් සමගින් ලකුණු 36 ක් රැස්කර සිටියදී දුවද්දී දැවී ගියේය.
ළහිරු තිරිමාන්න ලකුණු 36 ක් ලබා සිටියදී පන්දු යැවූ මොහොමඞ් නවාස්ට උඩ පන්දුවක් දීමෙන් පිටියෙන් ඉවත් විය.
ධනුෂ්ක සහ තිරිමාන්න දෙවැනි කඩුල්ලට ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සතුටුදායක තත්ත්වයකට රැගෙන ආහ.
අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 6 කින් ලකුණු 4 ක් ලබා සිටියදී මොහොමඞ් අමීර්ගේ පන්දුවකට කඩුලු රකින සෆ්රාස් අහ්මඞ්ට උඩ පන්දුවක් දී දැවී ගියේය.
ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් තුනක් කරමින් ඇන්ජලෝ පෙරේරා, මිනෝද් භානුක සහ ලක්‍ෂාන් සඳකැන් මෙම තරගයට කැඳවා තිබුණි. පළමු තරගයට ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම, ඕෂද ප්‍රනාන්දු සහ ඉසුරු උදාන ස්ථානය අහිමි කරගත්හ.
මෙහිදී 24 හැවිරිදි මිනෝද් භානුක ශ්‍රී ලංකාවේ 192 වැනි එක්දින ක්‍රීඩකයා ලෙස එක්දින වරම් හිමිකරගත්තේය. වමත් පිතිකරු කඩුලු රකින ක්‍රීඩක මිනෝද්, කුරුණෑගල මලියදේව විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
පාකිස්තානු පිල වෙනස්කම් දෙකක් සමගින් අබීද් අලී සහ මොහොමඞ් නවාස් කණ්ඩායමට කැඳවා තිබුණි.
ශ්‍රී ලංකා පිලේ නායක ළහිරු තිරිමාන්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලාහෝර්හිදී ලබන 5 වැනිදා පැවැත්වීමට නියමිතය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.