අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි20 කණ්ඩායම් අතර පෙරමුණට පැමිණීමට පාකිස්තාන කණ්ඩායම සමත් වී තිබේ. ප්‍රසාද ලකුණු 124 ක් ලබාගනිමින් පාකිස්තාන කණ්ඩායම විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණට පැමිණ තිබේ.
සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේදී පැවැති තරගාවලියේදී ඒ වන විට ශ්‍රේණිගත කිරීම් අතර දෙවැනි ස්ථානයේ රැදී සිටි එංගලන්තය පරාජය කිරීමට සිවුවැනි ස්ථානයේ රැදී සිටි කොදෙව්වෝ සමත් වූහ. එම තරගාවලියේදී ලැබූ ජයත් සමගින් කොදෙව් කණ්ඩායම සිවුවැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ඉහලට පැමිණි අතර එංගලන්තය දෙවැනි ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා ඇද වැටිණ. ඒ සමගම එතෙක් ශ්‍රේණිගත කිරීම් අතරේ තෙවැනි ස්ථානයේ පසු වූ පාකිස්තානයට දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට හැකි විය.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමත් සමග පාකිස්තානය සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වැඩි කරගනිමින් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණේ සිටි නවසීලන්තය අසලට ලඟා විය.
ශ්‍රේණිගත කිරීම් අතරේ පස්වැනි ස්ථානයේ රැදී සිටින ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම නිසා නවසීලන්තයට පසුබැසීමට සිදුවිය. නවසීලන්තයේ පසුබෑමත් සමග එතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ පාකිස්තානය ඉහළ ගියේය.
විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්
| රට | ප්‍රසාද ලකුණු | ලකුණු |
| පාකිස්තානය | 124 | 2843 |
| නවසීලන්තය | 121 | 1691 |
| බ. ඉ. කොදෙව් | 120 | 2395 |
| එංගලන්තය | 119 | 2029 |
| ඉන්දියාව | 118 | 2720 |
| දකුණු අප්‍රිකාව | 112 | 2238 |
| ඕස්ට්‍රේලියාව | 111 | 1665 |
| ශ්‍රී ලංකාව | 91 | 2177 |
| ඇෆ්ගනිස්තානය | 86 | 2157 |
| බංග්ලාදේශය | 76 | 1289 |
| ස්කොට්ලන්තය | 67 | 737 |
| සිම්බාබ්වේ | 65 | 842 |
| එක්සත් අරාබි එමීර් | 52 | 827 |
| නෙදර්ලන්තය | 49 | 441 |
| හොං කොං | 46 | 599 |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.