Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය 2-1 කින් ලෝක පිල පරදවයි

පාකිස්තානය 2-1 කින් ලෝක පිල පරදවයි

ශනුක අරවින්ද - 2017 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කණ්ඩායම කණ්ඩායමට එහෙිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 33 ක ජයක් ලැබූ පාකිස්තානය, කණ්ඩායම් දෙක අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය ලෝක කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 150 ක් පමණි. ලෝක කණ්ඩායමේ මුල් පිතිකරුවන් 5 දෙනා ලකුණු 67 ක් තුළ ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

එතැන් පටන් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට තිසර පෙරේරා සහ (32) සහ ඬේවිඞ් මිලර් (32) සමත් වුවද, ලෝක කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. වේගවත් පිතිහරඹයක නිතර වූ තිසර පෙරේරා, පන්දු 13 කදී වාර්තා වූ සිය ඉනිම පිට පිටම ගැසූ දැවැන්ත හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් අලංකාර කළේය.

ලෝක කණ්ඩායමේ 8 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඩැරන් සැමී පන්දු 23 කදී නොදැවී ලකුණු 24 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක්ද සමගිනි. පන්දු 29 කදී වාරත් වූ ඬේවිඞ් මිලර්ගේ ඉනිමටද හයේ පහරක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අහමඞ් ශේෂාඞ් පන්දු 55 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් වේගවත් ලකුණු 89 ක් රැස්කළේය. ෆකාර් සමාන් (27) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශේෂාඞ්, ඉන් නොනැවතී බාබර් අසාම් (48) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත් විය.

පන්දු 31 කදී වාර්තා වූ බාබර් අසාම්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 25 කදී වාර්තා වූ ෆකාර් සමාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් අතුළත් විය.

අවසන් ඕවර කිහිපයේදී පන්දු 7 කට මුහුණදුන් ෂොයිබ් මලික් හයේ පහර 2 ක් සමග ලකුණු 17 ක් රැස්කරමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.  

පාකිස්තාන ඉනිමේ අවසන් ඕවරය යැවූ තිසර පෙරේරා එහි පළමු සහ පස්වැනි පන්දුවලදී බාබර් අසාම් සහ නායක සෆ්රාස් අහමඞ් (00) දවාගැනීමට සමත් වූයේ එම ඕවරය ලකුණු 8 කට සීමාකරමිනි.

පාකිස්තාන කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 4 කට 183
(ෆකාර් සමාන් 27, අහමඞ් ශේෂාඞ් 89, බාබර් අසාම් 48, ෂොයිබ් මලික් 17, තිසර පෙරේරා 37/2)

ලෝක කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 8 කට 150
(ටමීම් ඉක්බාල් 14, හෂීම් අම්ලා 21, ඬේවිඞ් මිලර් 32, තිසර පෙරේරා 32, ඩැරන් සැමී නොදැවී 24, හසන් අලී 28/2)

-036

 


අදහස් (0)

පාකිස්තානය 2-1 කින් ලෝක පිල පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.