
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ප්‍රීමා කුසලාන වයස 15 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ දකුණ කණ්ඩායම අද (19 වැනිදා) සමත් විය. ඒ වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 80 ක පහසු ජයක් වාර්තා කරමිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට කොළඹ දකුණ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 42 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. එහිදී දෙනුවන් සතිෂ් සහ ලිතුම් දේවසුන්දර කඩුලු 2 බැගින් දවාගත්හ.
සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන මහනුවර ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ශෂිත් බණ්ඩාර, පන්දු 66 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කළේය. සවිත විතානගේ පන්දු 44 කින් ලකුණු 22 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ දකුණු කණ්ඩායම ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 197 ක් රැස්කළ අතර කොළඹ දකුණ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු මියුරු බණ්ඩාර පන්දු 75 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 41 ක් රැස්කළේය.
චේනුක මිත්සර පන්දු 83 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 37 ක්ද, රනුද රණසිංහ පන්දු 45 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 33 ක්ද, සනුග දුල්මික පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද රැස්කරමින් කොළඹ දකුණ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
කොළඹ දකුණ පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 197
(මියුරු බණ්ඩාර 41, මෙතුක ගුණරත්න 13, චේනුක මිත්සර 37, රනුද රණසිංහ 33, හාමිඩ් අෆ්ඩාල් 17, සනුග දුලිමික 24, තිනුලක රාජපක්ෂ 40/3, ශතිර දෙනුවන් 28/2)
මහනුවර පිල - ඕවර 42 කදී සියලු දෙනා දැවී 117
(සවිත විතානගේ 22, ශෂිත් බණ්ඩාර නොදැවී 41, දෙනුවන් සතිෂ් 08/2, ලිතුම් දේවසුන්දර 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.