Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ සහ ශානුක අරවින්ද)
එංගලන්තයේ බර්මින්හැම් නුවරදී නිමාවට පත්වූ 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ දස්කම් පදක්කම් හතරකට පමණක් සීමා වුවත් ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් සිටියදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් අතුරුදන්වීමෙන් රටවල් 73ක් අතරින් ශ්‍රී ලංකාව පළමු තැනට පත්වසිටියි.
බර්මින්හැම් නුවරදී අතුරුදන්වූ බවට සැක කරන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රිඩිකාවන් හා නිලධාරීන්ගේ පිරිස ක්‍රීඩා උළෙල නිමා වනවිට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අන්දමට ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහක ක්‍රීඩක ක්‍රිඩිකාවන් හා නිලධාරීන් 17 දෙනෙකු බර්මින්හැම් නුවරදී අතුරුදන් වී තිබේ. අවසන් වරට පසුගිය අගෝස්තු 10 වැනිදා පෙරළා දිවයිනට පිටත්වීමට සූදානම්ව සිටි ශ්‍රී ලාංකා කණ්ඩායමේ කාර්ය මණ්ඩල සහයකයෙකු බර්මින්හැම් නුවරදී අතුරුදන්වී තිබේ. ඔහු ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලේකම්වරයෙකු ලෙසත් කලක් කටයුතු කළ අයෙකු ලෙස හඳුනා ගෙන තිබේ.
ක්‍රීඩා උළෙල නිමවන තුරු ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ රාජකාරි කටයුතුවල නියැළෙමින් සිටීමෙන් පසුව ඔහු අතුරුදන් වූ බවට සැක කෙරේ.
කැමරුන්, බොට්ස්වානා හා ඝානා යන රටවල ක්‍රීඩකයන් තිදෙනකු හා පාකිස්තානයේ ක්‍රීඩකයන් දෙදෙනෙකුද ක්‍රීඩා උළෙලට සහභාගිවෙමින් සිටියදී අතුරුදන් වී තිබේ.
ශ්‍රී ලංකාව ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110 දෙනෙකු හා නිලධාරීන් 51 දෙනකු නිල වශයෙන් සහභාගි කළේය.
ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් තත්ත්වයට මෑතකදී පත්වීමෙන් පසුව මෙසේ ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් සිටියදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් එංගලන්තයේදී අතුරුදන්වීම ජාත්‍යන්තර මාධ්‍යයන්හි ප්‍රධාන පුවතක් බවට පත්ව තිබේ.
ජූඩෝ හා මල්ලවපොර ක්‍රිඩිකාවක් බැගින්ද මල්ලවපොර ක්‍රිඩකයන් දෙදෙනෙක්, බොක්සිං ක්‍රීඩකයන් තිදෙනෙක්, වොලිබෝල් ක්‍රීඩකයන් දෙදෙනෙක්, ජූඩෝ කණ්ඩායමේ කළමනාකරු හා සමස්ත කණ්ඩායමේ නිල ඡායාරූප ශිල්පියෙක් ක්‍රීඩා උළෙල නිමාවෙමින් පවතින අතර විටින් විට අතුරුදන් වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෝ වෙති.
කෙසේ වුවත් ක්‍රීඩා උළෙලට සහභාගි වීමේදී ‘අවසරපත්’ හිමිවුණු ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන්ට එරට රැඳී සිටීම සඳහා දින 180 ක වලංගු වීසා කාලයක් ලැබී තිබේ.
‘බර්මින්හැම්’ පොලිසිය හා එංගලන්තයේ ආගමන හා විගමන බලධාරීන් ප්‍රකාශ කරන අන්දමට මෙම අතුරුදන් වූවන් දැනට එංගලන්තයේ රැඳි තැන් පිළිබඳව හෝඩුවාවන් රැසක් තහවුරු වී තිබුණත් වලංගු වීසා කාලය අවසන් වනතුරු නීත්‍යානුකූල ක්‍රියා මාර්ග ගැනීම ප්‍රමාද කර ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.