Last Update  :  2025-12-21 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලිස් ක්‍රීඩකයෝ පළමු ජය ලබති
අන්තර් සමාජ පළමු පෙළ

පොලිස් ක්‍රීඩකයෝ පළමු ජය ලබති

editorial - 2025 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) හයවැනි සතියේ තරගයක් ලෙස ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර සෙනසුරාදා (20 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 43-07 ක පහසු ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය. පොලිස් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජය මෙය විය. 

ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධයේදී නිමාවට පත් වන විට සී.ආර්. කණ්ඩායම ලකුණු 24-00 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. එහිදී ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදුන් පොලිස් ක්‍රීඩකයෝ, ගෝල දිනුම් 2 ක් සහ උත්සාහත දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත්හ. 

දෙවැනි විනාඩියේදී ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් තවත් ලකුණු 19 ක් රැස්කිරීමට පොලිස් ක්‍රීඩකයන් සමත් වෙද්දී, ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. මෙම තරගයේදී ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ ප්‍රමුඛ තීක්ෂණට සිය අනතුරු දායක ක්‍රීඩා විලාශය හේතුවෙන් විනිසුරුගේ දැඩි අවවාද සමග රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. 

 


අදහස් (0)

පොලිස් ක්‍රීඩකයෝ පළමු ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.